Header

Sri Lanka Army

Defender of the Nation

21st May 2021 11:05:31 Hours

පෞද්ගලික රෝහල්වල PCR පරීක්‍ෂණ පැවැත්වීමේ ක්‍රියාපටිපාටිය පිළිබඳ සොයාබලයි

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ගේ ප්‍රධානත්වයෙන් රාජගිරියේ පිහිටි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ බ්‍රහස්පතින්දා (20) දින සන්ධ්‍යාවේ තවත් විශේෂ සාකච්ඡාවක් පැවැත්විණ. එහිදී, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති නියාමයන්ට පටහැනිව පෞද්ගලික රෝහල්වල PCR පරික්‍ෂණ පැවැත්වීමේදී වාර්තා වන අකෘමිකතා පිළිබඳව සාකච්ඡා කරන ලදී.

මෙම සාකච්ඡාව අතරතුර කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි අදහස් දැක්වමින් පවසා සිටියේ අක්‍රමිකතාවයකින් තොවර සේවාදායකයින්ගෙන් අධික ලෙස මුදල් අය කිරීම් නොකර සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නියම කරන ලද මාර්ගෝපදේශයන්ට අනුකූලව PCR පරීක්ෂණ පැවැත්වීමට කටයුතු කරන ලෙසයි.

එහෙත්, සමහර රෝහල්වල සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ලබාදී ඇති මාර්ගෝපදේශ සම්පූර්ණයෙන්ම උල්ලංඝණය කර ඇති බවත්, අමාත්‍යාංශ ක්‍රියා පටිපාටීන් අනුගමනය නොකර ඔවුන් සේවාදායකයින්ගෙන් අධික ලෙස මුදල් අය කිරීමක් සිදුකර ඇති බවත් යුද්ධ හමුදාධිපතිතුමන් මෙහිදි අවධාරණය කළේය.

එම රෝහල්වල සිදුකිරීමට නියමිත PCR පරීක්‍ෂණ වසංගත රෝග විද්‍යා ඒකකය සමඟ සම්බන්ධීකරණය කරන ලෙසද යුද්ධ හමුදාධිපතිතුමන් පෞද්ගලික රෝහල් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය. ඔවුන් ඒ සඳහා සිය එකඟතාවය ද පළ කළේය.