Header

Sri Lanka Army

Defender of the Nation

21st May 2021 14:32:16 Hours

මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට යුද්ධ හමුදාධිපතිතුමන් නිල ලාංඡන පළඳවයි

12 වන විජයග්‍රාහි සැමරුමට සමගාමීවමේජර් ජෙනරල් නිලයට උසසවීම් ලැබූ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 12 දෙනා වෙත නිල ලාංඡන පැළඳවීම ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ සුරතින් බ්‍රහස්පතින්දා (20) දින යුද්ධ හමුදා මුලස්ථානයේදී සිදුකළේය.

ඒ අනුව, 59 වන සේනාංකයේ සේනාංකාධිපති ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ මේජර් ජෙනරල් ජි.ඩි. සුරියබණ්ඩාර, විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ මේජර් ජෙනරල් ඉන්ඳු සමරකෝන්, 62 වන සේනාංකයේ සේනාංකාධිපති ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මේජර් ජෙනරල් උපාලි ගුණසේකර, 68 වන සේනාංකයේ සේනාංකාධිපති ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් කීර්ති බණ්ඩාර, ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් දර්ශන විජේසේකර, 52 වන සේනාංකයේ සේනාංකාධිපති ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් හරේන්ද්‍ර පීරිස්, ආරක්‍ෂක සේනා මුලස්ථානය - කිලිනොච්චි බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මේජර් ජෙනරල් සමන් ලියනගේ, ඉංජිනේරු බලසේනාධිපති ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් මහින්ද ජයවර්ධන, සන්නාහ සන්නද්ධ බලසේනාධිපති ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ මේජර් ජෙනරල් තාරක රත්නසේකර, මානුෂීය මෙහෙයුම් හා මානුෂීයවාදී නීති අධ්‍යක්‍ෂ ගැමුණු හේවා බලකායේ මේජර් ජෙනරල් කීර්ති කෝට්ටවත්ත, 21 වන සේනාංකයේ සේනාංකාධිපති ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් මොහාන් රත්නායක සහ අම්පාර සටන් පුහුණු පාසලේ සේනාවිධායක ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් සනත් අලුවිහාරේ වෙත යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් නිල ලාංඡන පැළඳවිය.

යුද්ධ හමුදාධිපතිතුමන් උසස්වීම් ලැබු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට සිය සුබපැතුම් එක් කරමින් රටේ ඉදිරි අනාගතය වෙනුවෙන් වගකීමෙන් සහ කැපවීමෙන් යුතුව කටයුතු කරන ලෙස පැවසීය. ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ කාර්යසාධනය, විනය සහ තවත් බොහෝ ගුණාංග අගය කරමින් ලබාදෙනු ලබන උසස්වීමේ ඇති වැදගත්කම යුද්ධ හමුදාධිපතිතුමන් මෙහිදි අවධාරණය කළේය. අභිනවයෙන් උසස්වීම් ලැබු ජ්‍යෙෂ්ඨ නිලධාරින් 12 දෙනාට නිල ලාංජන පැළඳ වු යුද්ධ හමුදාධිපතිතුමන් සමරුතිළිණ ද ප්‍රදානය කළේය. පසුව, උසස්වීම් ලැබු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟින් සමුහ ඡායාරූපයකට ද යුද්ධ හමුදාධිපතිතුමන් එක්විය.