Header

Sri Lanka Army

Defender of the Nation

19th May 2021 07:15:38 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවට බඳවාගත් වෘත්තිය නිලධාරීන් පිරිසක් විසිරයයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවට ඉඳුරාම බඳවාගත් වෘත්තිය නිලධාරීන් 10 දෙනෙකු මුලික වෘත්තිය නිලධාරී පාඨමාලා අංක -10 සාර්ථකව අවසන් කර පසුගියදා දියතලාවේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා පුහුණු පාසලේදී විසිර යන ලදී. විසිරයන වෘත්තිය නිලධාරීන් වෙත සහතික පත් ප්‍රදානය කිරීමේ උත්සවය දැඩි සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට මුල්තැනක් දෙමින් ඉකුත් බ්‍රහස්පතින්දා (13) දින පැවැත්විණි.

තොරතුරු තාක්‍ෂණ, වෛද්‍ය විද්‍යාව සහ ගණකාධිකරණය පිළිබඳ සුදුසුකම් සපුරා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවට වෘත්තිය නිලධාරීන් ලෙස ඉදුරාම බඳවාගත් නිලධාරීන් මුලික පුහුණුව හැදෑරීමෙන් අනතුරුව පැවැති විසිරයාමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක සහ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ සහභාගි වූයේය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් එච්.ඒ. කීර්තිනාතගේ උපදෙස් මත දැඩි සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන් යටතේ මෙම නිලධාරීන් පුහුණු පාඨමාලාව සාර්ථකව අවසන් කරන ලදී. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ සියලුදෙනා අමතමින්, හමුදාවේ මූලික සාරධර්ම, සංස්කෘතිය හා හමුදාව තුළ අන්තර්ගත කර ඇති සම්මතයන්, වෘත්තියට අනුවර්තනය වීම, පක්ෂපාතීත්වය යන කරුණු පිළිබඳ විශේෂ අවධානයක් යොමුකරමින් යුද්ධ හමුදාවේ අභිවෘද්ධිය උදෙසා සිය වෘත්තිය හැකියාවන් යොදාගන්නා ලෙස පැවසීය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා පුහුණු පාසලේ සේනාවිධායක සිය දේශනයේදී සියලුදෙනා අමතමින් වෘත්තිය නිලධාරීන් පුහුණු කාලසීමාව තුල අනුගමනය කරන ලද පුහුණු ක්‍රියාවලිය පිළිබඳ පුළුල් හැඳින්වීමක් සිදුකරන ලදී.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක ඇතුළු මාණ්ඩලික නිලධාරීන්, බ්‍රිගේඩියර් පාලන, බ්‍රිගේඩියර් භඨකාර්ය සම්පාදන, කර්නල් යුද සේවා ලේකම් (ස්වේච්ඡා), ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ අධුනික නිලධාරීන් කිහිපදෙනෙකු සහභාගි වූහ.