Header

Sri Lanka Army

Defender of the Nation

17th May 2021 15:15:49 Hours

ගතවු 24 පැය තුළ වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 2456 දෙනෙකු හඳුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වාර්තා කරයි

අද (18) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 2456 දෙනෙකු හඳුනාගෙන ඇත. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, ඒ ආසාදිතයින් 677 ක් ලෙසය. එම පුද්ගලයින් අතර බියගම ප්‍රදේශයෙන් ආසාදිතයින් 136 දෙනෙකු, නිට්ටඹුව ප්‍රදේශයෙන් පුද්ගලයින් 83 දෙනෙකු, කඩවත ප්‍රදේශයෙන් පුද්ගලයින් 72 දෙනෙකු සහ වත්තල ප්‍රදේශයෙන් පුද්ගලයින් 58 දෙනෙකු ලෙස වාර්තා වේ. සෙසු පුද්ගලයින් දිස්ත්‍රික්කයෙහි අනෙකුත් ප්‍රදේශවලින් වාර්තා වේ.

තවද, කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 320 දෙනෙකු වාර්තා වේ. එම පුද්ගලයින් අතර ගල්කිස්ස ප්‍රදේශයෙන් ආසාදිතයින් 52 දෙනෙකු, හෝමාගම ප්‍රදේශයෙන් ආසාදිතයින් 35 දෙනෙකු, බොරලෑස්ගමුව ප්‍රදේශයෙන් ආසාදිතයින් 25 දෙනෙකු සහ මොරටුව ප්‍රදේශයෙන් ආසාදිතයින් 22 දෙනෙකු වාර්තා වේ. සෙසු පුද්ගලයින් දිස්ත්‍රික්කයෙහි අනෙකුත් ප්‍රදේශවලින් වාර්තා වේ.

කලුතර දිස්ත්‍රික්කයෙන් ද ආසාදිතයින් 315 දෙනෙකු වාර්තා වන අතර එම පුද්ගලයින් අතරින් කලුතර දකුණ ප්‍රදේශයෙන් වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වේ. ඒ ආසාදියින් 55 ක් ලෙසය. ඊට අමතරව, මොරගහහේන ප්‍රදේශයෙන් ආසාදිතයින් 43 දෙනෙකු සහ කලුතර උතුර ප්‍රදේශයෙන් ආසාදිතයින් 40 දෙනෙකු වාර්තා වේ. අනෙක් ආසාදිතයින් දිස්ත්‍රික්කයේ සෙසු ප්‍රදේශවලින් වාර්තා වේ.

ඒ අනුව ගතවූ විසිහතර පැය තුළ දිවයිනේ වැඩිම ආසාදිතයින් පිරිසක් හමුවූ ගම්පහ, කොළඹ සහ කලුතර යන දිස්ත්‍රික්කයන් තුළින් ආසාදිතයින් 1312 දෙනෙකු වාර්තා වන අතර, ඉතිරි පුද්ගලයින් 1144 දෙනා අතර, ගාල්ල දිස්ත්‍රික්කයෙන් 259 දෙනෙකු ද, මුලතිව් දිස්ත්‍රික්කයෙන් 255 දෙ‍ෙනකු ද, මාතර දිස්ත්‍රික්කයෙන් 84 දෙනෙකු ද, පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් 82 දෙනෙකු ද, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් 60 දෙනෙකු ද, රත්නපුර දිස්ත්‍රික්කයෙන් 56 දෙනෙකු ද, පුත්තලම දිස්ත්‍රික්කයෙන් 51 දෙනෙකු ද, බදුල්ල දිස්ත්‍රික්කයෙන් 50 දෙනෙකු ද, මාතලේ දිස්ත්‍රික්කයෙන් 46 දෙනෙකු ද, මහනුවර දිස්ත්‍රික්කයෙන් 34 දෙනෙකු ද, නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 25 දෙනෙකු ද, අම්පාර දිස්ත්‍රික්කයෙන් 23 දෙනෙකු ද, මොණරාගල දිස්ත්‍රික්කයෙන් 20 දෙනෙකු ද, හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් 19 දෙනෙකු ද, මඩකලපුව සහ කිලිනොච්චි දිස්ත්‍රික්ක වලින් 17 දෙනෙකු බැගින් ද, අනුරාධපුර දිස්ත්‍රිකයෙන් 11 දෙනෙකු ද, මන්නාරම සහ කෑගල්ල දිස්ත්‍රික්ක වලින් 5 දෙනෙකු බැගින් ද, යාපනය දිස්ත්‍රික්කයෙන් දෙදෙනෙකු ද වාර්තා වේ.