Header

Sri Lanka Army

Defender of the Nation

18th May 2021 07:30:00 Hours

විජයග්‍රාහි දින පණිවිඩය නිකුත් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් 58 වන සේනාංකයේ සුවිශේෂි මෙහෙවර සිහිපත් කරයි

58 වන සේනාංකයට නායකත්වය දෙමින් ශ්‍රී ලංකාද්වීපයේ ස්වෛරීත්වය හා භෞමික අඛණ්ඩතාවයට තර්ජනයක්ව පැවැති බෙදුම්වාදී එල්ටිටිඊ ත්‍රස්තවාදය මාතෘ භූමියෙන් මුලිනුපුටාදමා රටට තිරසාර සාමයක් උදාකර දී මේ 12 වැනි සැමරුම සමරන්නේ මහත් ආඩම්බරයෙන් හා ගෞරවයෙන් යුතුවය.

දශක තුනක පමණ කාලයක් පැවැතුණු මිලේච්ජ ත්‍රස්තවාදය හේතුවෙන් සමස්ත ශ්‍රී ලංකාවාසීන් විඳි දුෂ්කරතා අපමණය. අවස්ථා ගණනාවකදි ඇතිකරගනු ලැබු සටන්විරාම ගිවිසුම් මගින් ත්‍රස්තවාදය අවසන් කිරීමට ගත් සියලු උත්සහායන් එල්ටිටිඊ සංවිධානය විසින් ව්‍යාර්ත කරනු ලැබිණ. මාවිල්ආරු සොරොව්ව වර්ෂ 2006 දී වසාදමමින් සමාන්‍ය ජනතාව හා ගොවිබිම් වෙත ජලය සැපයීම නවතාදමා එල්ටිටිඊ සංවිධානය සිය මිලේච්ඡත්වය නැවත ප්‍රදර්ශනය කරමින් නැගෙනහිර මානුෂිය මෙහෙයුමට ආරම්භය සකස්කර දුන් බව සිහිපත් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් රණවිරු දින පණිවිඩය නිකුත් කර ඇත.

විජයග්‍රාහි දිනය වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ එම නිවේදනය පහතින් දැක්වේ.