Header

Sri Lanka Army

Defender of the Nation

15th May 2021 10:13:25 Hours

ගතවු 24 පැය තුළ වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 2275 දෙනෙකු හඳුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වාර්තා කරයි

අද (17) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 2275 දෙනෙකු හඳුනාගෙන ඇත. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, ඒ ආසාදිතයින් 438 ක් ලෙසය. එම පුද්ගලයින් අතර මිරිහාන ප්‍රදේශයෙන් ආසාදිතයින් 56 දෙනෙකු, පිලියන්දල ප්‍රදේශයෙන් පුද්ගලයින් 42 දෙනෙකු, මුල්ලේරියාව ප්‍රදේශයෙන් පුද්ගලයින් 38 දෙනෙකු සහ මොරටුව ප්‍රදේශයෙන් පුද්ගලයින් 37 දෙනෙකු ලෙස වාර්තා වේ. සෙසු පුද්ගලයින් දිස්ත්‍රික්කයෙහි අනෙකුත් ප්‍රදේශවලින් වාර්තා වේ.

තවද, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 410 දෙනෙකු වාර්තා වේ. එම පුද්ගලයින් අතර බියගම ප්‍රදේශයෙන් ආසාදිතයින් 173 දෙනෙකු, කටුනායක ප්‍රදේශයෙන් ආසාදිතයින් 57 දෙනෙකු, සීදුව ප්‍රදේශයෙන් ආසාදිතයින් 43 දෙනෙකු සහ කඩවත ප්‍රදේශයෙන් ආසාදිතයින් 16 දෙනෙකු වාර්තා වේ. සෙසු පුද්ගලයින් දිස්ත්‍රික්කයෙහි අනෙකුත් ප්‍රදේශවලින් වාර්තා වේ.

ගාල්ල දිස්ත්‍රික්කයෙන් ද ආසාදිතයින් 261 දෙනෙකු වාර්තා වන අතර එම පුද්ගලයින් අතරින් හබරාදුව ප්‍රදේශයෙන් වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වේ. ඒ ආසාදියින් 115 ක් ලෙසය. ඊට අමතරව, ඇල්පිටිය ප්‍රදේශයෙන් ආසාදිතයින් 35 දෙනෙකු සහ වදුරඹ ප්‍රදේශයෙන් ආසාදිතයින් 16 දෙනෙකු වාර්තා වේ. අනෙක් ආසාදිතයින් දිස්ත්‍රික්කයේ සෙසු ප්‍රදේශවලින් වාර්තා වේ.

ඒ අනුව ගතවූ විසිහතර පැය තුළ දිවයිනේ වැඩිම ආසාදිතයින් පිරිසක් හමුවූ කොළඹ, ගම්පහ සහ ගාල්ල යන දිස්ත්‍රික්කයන් තුළින් ආසාදිතයින් 1109 දෙනෙකු වාර්තා වන අතර, ඉතිරි පුද්ගලයින් 1166 දෙනා අතර, කලුතර දිස්ත්‍රික්කයෙන් 241 දෙනෙකු ද, නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 179 දෙ‍ෙනකු ද, මහනුවර දිස්ත්‍රික්කයෙන් 138 දෙනෙකු ද, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 100 දෙනෙකු ද, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් 89 දෙනෙකු ද, රත්නපුර දිස්ත්‍රික්කයෙන් 84 දෙනෙකු ද, මාතර දිස්ත්‍රික්කයෙන් 46 දෙනෙකු ද, අම්පාර දිස්ත්‍රික්කයෙන් 38 දෙනෙකු ද, බදුල්ල දිස්ත්‍රික්කයෙන් 29 දෙනෙකු ද, මුලතිව් දිස්ත්‍රික්කයෙන් 24 දෙනෙකු ද, අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් 22 දෙනෙකු ද, වවුනියාව දිස්ත්‍රික්කයෙන් 17 දෙනෙකු ද, මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්ක වලින් 14 දෙනෙකු බැගින් ද, ත්‍රිකුණාමලය සහ මන්නාරම දිස්ත්‍රික්ක වලින් 13 දෙනෙකු බැගින් ද, පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් 10 දෙනෙකු ද, යාපනය දිස්ත්‍රිකයෙන් 9 දෙනෙකු ද, මොණරාගල දිස්ත්‍රික්කයෙන් 8 දෙනෙකු, කිලිනොච්චි දිස්ත්‍රික්කයෙන් 7 දෙනෙකු ද, මඩකලපුව සහ පුත්තලම දිස්ත්‍රික්ක වලින් 4 දෙනෙකු බැගින් ද වාර්තා වේ.