Header

Sri Lanka Army

Defender of the Nation

16th May 2021 20:07:43 Hours

යුද්ධ හමුදා හොකී ක්‍රීඩකයින් මහනුවර නගරයේ අපහසුතාවයට පත් සිවිල් වැසියන්ට දිවා ආහාර පාර්සල් බෙදාදෙයි

දිවයින පුරා සංචාරක සීමාවන් පැනවීමෙන් පසු මහනුවර නගරයේ අපහසුතාවයට පත්ව සිටි පුද්ගලයින් පිළිබඳ සැලකිලිමත් වූ යුද්ධ හමුදා හොකී කණ්ඩායමේ ක්‍රීඩකයින් ඉරිදා (16) දින දිවා ආහාර පාර්සල් තොගයක් බෙදාදුන්හ.

දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් එම සිවිල් වැසියන් වෙත ආහාර පාර්සල් සහ වතුර බෝතල් බෙදාදුන්හ. යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී සහයුද්ධ හමුදා හොකී කමිටුවේ සභාපති මේජර් ජෙනරල් සෙනරත් බණ්ඩාර ලබාදුන් උපදෙස් මත මෙම වැඩසටහන ක්‍රියාවට නැංවිණි.