Header

Sri Lanka Army

Defender of the Nation

14th May 2021 14:00:23 Hours

ගතවු 24 පැය තුළ වැඩිම ආසාදිතයින් මහනුවර, කලුතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලින් වාර්තා වන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි

අද (16) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 2386 දෙනෙකු හඳුනාගෙන ඇත. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, ඒ ආසාදිතයින් 338 ක් ලෙසය. එම පුද්ගලයින් අතර මහනුවර ප්‍රදේශයෙන් ආසාදිතයින් 33 දෙනෙකු, මැණික්හින්න ප්‍රදේශයෙන් පුද්ගලයින් 32 දෙනෙකු, තලාතුඔය ප්‍රදේශයෙන් පුද්ගලයින් 27 දෙනෙකු සහ කටුගස්තොට ප්‍රදේශයෙන් පුද්ගලයින් 24 දෙනෙකු ලෙස වාර්තා වේ. සෙසු පුද්ගලයින් දිස්ත්‍රික්කයෙහි අනෙකුත් ප්‍රදේශවලින් වාර්තා වේ.

තවද, කලුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 321 දෙනෙකු වාර්තා වේ. එම පුද්ගලයින් අතර පානදුර දකුණ ප්‍රදේශයෙන් ආසාදිතයින් 87 දෙනෙකු, බුලත්සිංහල ප්‍රදේශයෙන් ආසාදිතයින් 45 දෙනෙකු, බදුරලිය ප්‍රදේශයෙන් ආසාදිතයින් 39 දෙනෙකු සහ පානදුර උතුර ප්‍රදේශයෙන් ආසාදිතයින් 25 දෙනෙකු වාර්තා වේ. සෙසු පුද්ගලයින් දිස්ත්‍රික්කයෙහි අනෙකුත් ප්‍රදේශවලින් වාර්තා වේ.

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ද ආසාදිතයින් 288 දෙනෙකු වාර්තා වන අතර එම පුද්ගලයින් අතරින් නුවරඑළිය ප්‍රදේශයෙන් වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වේ. ඒ ආසාදියින් 173 ක් ලෙසය. ඊට අමතරව, පුදලුඔය ප්‍රදේශයෙන් ආසාදිතයින් 37 දෙනෙකු සහ ලින්දුල ප්‍රදේශයෙන් ආසාදිතයින් 21 දෙනෙකු වාර්තා වේ. අනෙක් ආසාදිතයින් දිස්ත්‍රික්කයේ සෙසු ප්‍රදේශවලින් වාර්තා වේ.

ඒ අනුව ගතවූ විසිහතර පැය තුළ දිවයිනේ වැඩිම ආසාදිතයින් පිරිසක් හමුවූ මහනුවර, කලුතර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කයන් තුළින් ආසාදිතයින් 947 දෙනෙකු වාර්තා වන අතර, ඉතිරි පුද්ගලයින් 1439 දෙනා අතර, කොළඹ දිස්ත්‍රික්කයෙන් 277 දෙනෙකු ද, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 184 දෙ‍ෙනකු ද, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 181 දෙනෙකු ද, මාතර දිස්ත්‍රික්කයෙන් 104 දෙනෙකු ද, අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් 98 දෙනෙකු ද, රත්නපුර දිස්ත්‍රික්කයෙන් 94 දෙනෙකු ද, ගාල්ල දිස්ත්‍රික්කයෙන් 82 දෙනෙකු ද, පුත්තලම දිස්ත්‍රික්කයෙන් 81 දෙනෙකු ද, හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් 72 දෙනෙකු ද, මොණරාගල දිස්ත්‍රික්කයෙන් 64 දෙනෙකු ද, අම්පාර දිස්ත්‍රික්කයෙන් 41 දෙනෙකු ද, යාපනය දිස්ත්‍රික්කයෙන් 33 දෙනෙකු ද, බදුල්ල දිස්ත්‍රික්කයෙන් 26 දෙනෙකු ද, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් 23 දෙනෙකු ද, මඩකලපුව දිස්ත්‍රික්කයෙන් 19 දෙනෙකු ද, මන්නාරම දිස්ත්‍රිකයෙන් 12 දෙනෙකු ද, පොලොන්නරු දිස්ත්‍රික්කයෙන් 11 දෙනෙකු, වවුනියාව දිස්ත්‍රික්කයෙන් 10 දෙනෙකු ද, කිලිනොච්චි දිස්ත්‍රික්කයෙන් 4 දෙනෙකු සහ මුලතිව් දිස්ත්‍රික්කයෙන් 3 දෙනෙකු ද වාර්තා වේ.