Header

Sri Lanka Army

Defender of the Nation

14th May 2021 12:20:56 Hours

වෛරසය ආසාදිත රෝගීන්ට ප්‍රතිකාරී කිරීම සඳහා ඇඳන් 820 කින් සමන්විත තවත් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන 5 ක් සුදානම්

වෛරසය ආසාදනය වී දිනෙන් දින රෝගීන් ප්‍රමාණය ඉහළ යාම හමුවේ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ලබාදුන් උපදෙස් මත වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානය විසින් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථන ලෙස ස්ථාන 5 ක් වැඩිදියුණු කර ඇත.

ආරක්‍ෂක සේනා මුලස්ථානය - වන්නි ආඥාපති මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර සහ 21, 54 හා 56 වන සේනාංකයන්හි සේනාංකාධිපතිවරුන්ගේ අධීක්‍ෂණය යටතේ වවුනියාව ආර්ථික මධ්‍යස්ථානය (ඇඳන් 250), තුර්කි පෞද්ගලික පාසල (ඇඳන් 120), වහමල්ගොල්ලෑව මධ්‍යස්ථාන (ඇඳන් 200), ගල්කිරියාගම සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු මුලස්ථානය (ඇඳන් 150) සහ මිහින්තලය, නිතියාගම සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු මුලස්ථානය (ඇඳන් 100) යන ස්ථාන අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස වැඩිදියුණු කරන ලදී. මෙම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන 5 තුළ රෝගින් 820 කට නේවාසිකව ප්‍රතිකාර ලබාගත හැකිය.

එම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වැඩිදියුණු කිරීම සඳහා අනුරාධපුර සහ වවුනියාව දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරුන්ගේ ද සහයෝගය හිමිවිණි. උතුරු මැද පළාතේ සහ උතුරු පළාතේ පිහිටා ඇති එම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන වැඩපිළිවලට සහයෝගය දැක්වීම සඳහා දින කිහිපයක් ඇතලත වැඩිදියුණු කරන ලදී.