Header

Sri Lanka Army

Defender of the Nation

14th May 2021 12:40:56 Hours

ගතවු 24 පැය තුළ වැඩිම ආසාදිතයින් කොළඹ, ගාල්ල සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් වාර්තා වන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි

අද (15) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 2289 දෙනෙකු හඳුනාගෙන ඇත. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, ඒ ආසාදිතයින් 555 ක් ලෙසය. එම පුද්ගලයින් අතර පිලියන්දල ප්‍රදේශයෙන් ආසාදිතයින් 126 දෙනෙකු, මොරටුව ප්‍රදේශයෙන් පුද්ගලයින් 42 දෙනෙකු, මහරගම ප්‍රදේශයෙන් පුද්ගලයින් 35 දෙනෙකු සහ බොරලෑස්ගමුව ප්‍රදේශයෙන් පුද්ගලයින් 33 දෙනෙකු ලෙස වාර්තා වේ. සෙසු පුද්ගලයින් දිස්ත්‍රික්කයෙහි අනෙකුත් ප්‍රදේශවලින් වාර්තා වේ.

තවද, ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 281 දෙනෙකු වාර්තා වේ. එම පුද්ගලයින් අතර හබරාදුව ප්‍රදේශයෙන් ආසාදිතයින් 130 දෙනෙකු, රත්ගම ප්‍රදේශයෙන් ආසාදිතයින් 35 දෙනෙකු, යක්කලමුල්ල ප්‍රදේශයෙන් ආසාදිතයින් 19 දෙනෙකු සහ කොස්ගොඩ ප්‍රදේශයෙන් ආසාදිතයින් 15 දෙනෙකු වාර්තා වේ. සෙසු පුද්ගලයින් දිස්ත්‍රික්කයෙහි අනෙකුත් ප්‍රදේශවලින් වාර්තා වේ.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද ආසාදිතයින් 236 දෙනෙකු වාර්තා වන අතර එම පුද්ගලයින් අතරින් ගම්පහ ප්‍රදේශයෙන් වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වේ. ඒ ආසාදියින් 36 ක් ලෙසය. ඊට අමතරව, වත්තල ප්‍රදේශයෙන් ආසාදිතයින් 26 දෙනෙකු සහ බියගම ප්‍රදේශයෙන් ආසාදිතයින් 25 දෙනෙකු වාර්තා වේ. අනෙක් ආසාදිතයින් දිස්ත්‍රික්කයේ සෙසු ප්‍රදේශවලින් වාර්තා වේ.

ඒ අනුව ගතවූ විසිහතර පැය තුළ දිවයිනේ වැඩිම ආසාදිතයින් පිරිසක් හමුවූ කොළඹ, ගාල්ල සහ ගම්පහ යන දිස්ත්‍රික්කයන් තුළින් ආසාදිතයින් 1072 දෙනෙකු වාර්තා වන අතර, ඉතිරි පුද්ගලයින් 1217 දෙනා අතර, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 218 දෙනෙකු ද, කලුතර දිස්ත්‍රික්කයෙන් 211 දෙ‍ෙනකු ද, පුත්තලම දිස්ත්‍රික්කයෙන් 99 දෙනෙකු ද, මාතර දිස්ත්‍රික්කයෙන් 79 දෙනෙකු ද, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් 73 දෙනෙකු ද, නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 71 දෙනෙකු ද, අම්පාර සහ යාපනය දිස්ත්‍රික්ක වලින් 45 දෙනෙකු බැගින් ද, හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් 40 දෙනෙකු ද, මහනුවර දිස්ත්‍රික්කයෙන් 38 දෙනෙකු ද, රත්නපුර සහ අනුරාධපුර දිස්ත්‍රික්ක වලින් 35 දෙනෙකු බැගින් ද, පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් 29 දෙනෙකු ද, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් 24 දෙනෙකු ද, මොණරාගල දිස්ත්‍රික්කයෙන් 22 දෙනෙකු ද, බදුල්ල දිස්ත්‍රික්කයෙන් 20 දෙනෙකු ද, කිලිනොච්චි දිස්ත්‍රික්කයෙන් 12 දෙනෙකු ද, මඩකලපුව දිස්ත්‍රිකයෙන් 11 දෙනෙකු ද, වවුනියාව දිස්ත්‍රික්කයෙන් 10 දෙනෙකු සහ මුලතිව් දිස්ත්‍රික්කයෙන් එක් පුද්ගලයෙකු ද වාර්තා වේ.