Header

Sri Lanka Army

Defender of the Nation

14th May 2021 11:00:04 Hours

ගතවු 24 පැය තුළ වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 2269 දෙනෙකු හඳුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වාර්තා කරයි

අද (14) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 2269 දෙනෙකු හඳුනාගෙන ඇත. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, ඒ ආසාදිතයින් 643 ක් ලෙසය. එම පුද්ගලයින් අතර බොරලැස්ගමුව ප්‍රදේශයෙන් ආසාදිතයින් 39 දෙනෙකු, පිලියන්දල ප්‍රදේශයෙන් පුද්ගලයින් 39 දෙනෙකු, හංවැල්ල ප්‍රදේශයෙන් පුද්ගලයින් 37 දෙනෙකු සහ හෝමාගම ප්‍රදේශයෙන් පුද්ගලයින් 33 දෙනෙකු ලෙස වාර්තා වේ. සෙසු පුද්ගලයින් දිස්ත්‍රික්කයෙහි අනෙකුත් ප්‍රදේශවලින් වාර්තා වේ.

තවද, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 301 දෙනෙකු වාර්තා වේ. එම පුද්ගලයින් අතර කඩවත ප්‍රදේශයෙන් ආසාදිතයින් 34 දෙනෙකු, කටුනායක ප්‍රදේශයෙන් ආසාදිතයින් 29 දෙනෙකු, මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් ආසාදිතයින් 22 දෙනෙකු සහ බියගම ප්‍රදේශයෙන් ආසාදිතයින් 21 දෙනෙකු වාර්තා වේ. සෙසු පුද්ගලයින් දිස්ත්‍රික්කයෙහි අනෙකුත් ප්‍රදේශවලින් වාර්තා වේ.

රත්නපුර දිස්ත්‍රික්කයෙන් ද ආසාදිතයින් 174 දෙනෙකු වාර්තා වන අතර එම පුද්ගලයින් අතරින් ඇඹිලිපිටිය ප්‍රදේශයෙන් වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වේ. ඒ ආසාදියින් 65 ක් ලෙසය. ඊට අමතරව, බලංගොඩ ප්‍රදේශයෙන් ආසාදිතයින් 42 දෙනෙකු සහ ඇහැලියගොඩ ප්‍රදේශයෙන් ආසාදිතයින් 19 දෙනෙකු වාර්තා වේ. අනෙක් ආසාදිතයින් දිස්ත්‍රික්කයේ සෙසු ප්‍රදේශවලින් වාර්තා වේ.

ඒ අනුව ගතවූ විසිහතර පැය තුළ දිවයිනේ වැඩිම ආසාදිතයින් පිරිසක් හමුවූ කොළඹ, ගම්පහ සහ රත්නපුර යන දිස්ත්‍රික්කයන් තුළින් ආසාදිතයින් 1118 දෙනෙකු වාර්තා වන අතර, ඉතිරි පුද්ගලයින් 1151 දෙනා අතර, ගාල්ල දිස්ත්‍රික්කයෙන් 155 දෙනෙකු ද, අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් 126 දෙ‍ෙනකු ද, කලුතර දිස්ත්‍රික්කයෙන් 121 දෙනෙකු ද, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 100 දෙනෙකු ද, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් 91 දෙනෙකු ද, පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් 80 දෙනෙකු ද, නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 67 දෙනෙකු ද, මහනුවර දිස්ත්‍රික්කයෙන් 61 දෙනෙකු ද, මාතර දිස්ත්‍රික්කයෙන් 59 දෙනෙකු ද, බදුල්ල දිස්ත්‍රික්කයෙන් 42 දෙනෙකු ද, පුත්තලම දිස්ත්‍රික්කයෙන් 40 දෙනෙකු ද, යාපනය සහ මාතලේ දිස්ත්‍රික්ක වලින් 31 දෙනෙකු බැගින් ද, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් 25 දෙනෙකු ද, මොණරාගල දිස්ත්‍රික්කයෙන් 22 දෙනෙකු ද, මඩකලපුව දිස්ත්‍රික්කයෙන් 20 දෙනෙකු ද, හම්බන්තොට දිස්ත්‍රිකයෙන් 18 දෙනෙකු ද, අම්පාර දිස්ත්‍රික්කයෙන් 16 දෙනෙකු ද, මුලතිව් දිස්ත්‍රික්කයෙන් 13 දෙනෙකු ද, වවුනියාව දිස්ත්‍රික්කයෙන් 10 දෙනෙකු සහ කිලිනොච්චි දිස්ත්‍රික්කයෙන් 03 දෙනෙකු ද වාර්තා වේ.