Header

Sri Lanka Army

Defender of the Nation

14th May 2021 13:01:23 Hours

යුද්ධ හමුදාව විසින් වැඩිදියුණු කරන ලද පේදුරුතුඩුවේඅතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය වෛද්‍ය කටයුතු සඳහා සුදානම්

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ලබාදුන් උපදෙස් මත ආරක්‍ෂක සේනා මුලස්ථානය - යාපනය යටතේ සේවයේ නියුතු භටපිරිස් දින කිහිපයක් තුළ වඩුක්කෝඩෙයි ගුරු විද්‍යාල ගොඩනැගිල්ල වෛරසය ආසාදිත රෝගින් 200 දෙනෙකුට නවාතැන් ගෙන ප්‍රතිකාර සිදුකරගත හැකි අංගසම්පුර්ණ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස වැඩිදියුණු කරන ලදී.              

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා ඉකුත් බ්‍රහස්පතින්දා (12) දින වැඩිදියුණු කරන ලද අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ නිරීක්‍ෂණ සංචාරයක නිරතවිය.

යාපනය අර්ධද්වීපයේ කොවිඩ්-19 වෛරසය ආසාදිත රෝගීන් වැඩිවීමක් සිදුවූහොත් වැඩිදියුණු කරන ලද අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර කටයුතු සඳහා පේදුරුතුඩුවේ පිහිටි මන්තිකායි මුලික රෝහලේ වෛද්‍ය නිලධාරීන්, හෙද කාර්ය මණ්ඩලය සහ අනෙකුත් සේවකයින්ගේ සහයෝගය ලබාගැනීමට අපේක්‍ෂා කෙරේ.

මෙම අවස්ථාවට යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෞඛ්‍ය අංශයේ නිලධාරීන් කිහිපදෙනෙකු එක්වූහ.