Header

Sri Lanka Army

Defender of the Nation

11th May 2021 20:33:16 Hours

යුද්ධ හමුදා භටපිරිස් ගංවතුර සහ නායයෑම හේතුවෙන් පීඩාවට පත් සිවිල් වැසියන් මුදාගනී

පසුගිය පැය කිහිපය තුල ඇතිවූ ධාරාණීපාත වර්ෂාපතනයත් සමඟ රුවන්වැල්ල, මයිනොලුව ප්‍රදේශයේ පිහිටි කුඩා ඔයේ ජල මට්ටම ඉහළ ගොස් ඇතිවු ගංවතුර තත්ත්වයෙන් පීඩාවට පත් සිවිල් වැසියන් 13 දෙනෙකු බේරාගැනීමට ආරක්‍ෂක සේනා මුලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 61 වන සේනාංකයට අයත් 611 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් අද (14) දින අලුයම සමත්විය.

පවුල් හතරකට අයත් මෙම සිවිල් වැසියන් 13 දෙනා ඇතිවු හදිසි ගංවතුර තත්ත්වයත් සමඟ නිවෙස්තුල සිරවී සිටි අතර අලුයම 0300 ට පමණ යුද්ධ හමුදා භටපිරිස් කඩිනමින් එම ස්ථානයට ලගා වී ඔවුන් මුදාගත්හ.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් විකුම් ලියනගේ, 61 වන සේනාංකයේ සේනාංකාධිපති සහ 611 වන බලසේනාවේ බලසේනාධිපති අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ ඇතිවු ගංවතුර සහ නායයාම් තත්ත්වයෙන් පීඩාවට පත් සිවිල් වැසියන්ට සහන සැලසීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරනු ලබයි.

එසේම, ඊයේ (13) දින සන්ධ්‍යාවේ වරකාපොල, ගස්වාන ප්‍රදේශයේ නායයාමකට ලක්ව පස් මත සීරවී සිටි සිවිල් වැසියන් දෙදෙනෙකු මුදාගැනීමට ආරක්‍ෂක සේනා මුලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 61 වන සේනාංකයට අයත් 611 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් සමත්විය.

කෙසේ වෙතත්, එම පුද්ගලයින් දෙදෙනාගෙන් එක් පුද්ගලයෙකු පස් කන්දට යටවී භටපිරිස් විසින් මුදාගන්නා විටත් මියගොස් සිටියේය. අනෙක් පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර සඳහා කඩිනමින් වරකාපොල රෝහල වෙත ඇතුලත් කරන ලදී. මියගිය පුද්ගලයාගේ දේහය පොලිසියේ සහයෝගය ඇතිව එම රෝහලේ මෘත ශරීරාගාරය තැන්පත් කර ඇත.