Header

Sri Lanka Army

Defender of the Nation

14th May 2021 10:18:04 Hours

එළඹෙන සති අන්තයේ දිවයින පුරා සංචරණ සීමා පනවන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි පවසයි

බ්‍රහස්පතින්දා (13) දින රාත්‍රි 1100 සිට එළඹෙන සඳුදා (17) දින උදෑසන 0400 දක්වා දිවයින පුරා සංචාරණ සීමා පනවන බව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය. කෙසේ වෙතත්, අත්‍යාවශ්‍ය සේවා සහ එන්නත්කරණය සඳහා පමණක් එම සීමාවන් බලනොපැවැත්වෙන බව යුද්ධ හමුදාධිපතිතුමන් ප්‍රකාශ කළේය.