Header

Sri Lanka Army

Defender of the Nation

11th May 2021 22:05:15 Hours

උසපැනීමේ දකුණු ආසියානු වාර්තාව යුද්ධ හමුදාවේ උෂාන් තිවංකට

මීට දින කිහිපයකට පෙර ටෙක්සාස් හී පැවති ‘2021 Lone Star Conference Outdoor Track & Field Championships’ තරඟාවලියේ උස පැනීමේ තරඟයට සහභාගී වූ එක්සත් ජනපදයේ වෙසෙන ශ්‍රී ලාංකික මළල ක්‍රීඩක ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ සාමාන්‍ය සෙබල එච්. ටී. උෂාන් තිවන්ක පෙරේරා නව දකුණු ආසියානු වාර්තාවක් පිහිටවූවේය.

ටෙක්සාස් හී පිහිටි A & M KINGS VILLE විශ්වවිද්‍යාලය නියෝජනය කරමින් තරඟාවලියට සහභාගී වූ උෂාන් තිවන්ක පෙරේරා මීටර් 2.30 ක උසක් වාර්තා කරමින් පිරිමි උස පැනීමේ ඉසව්වෙන් පළමු ස්ථානයට පත්වූවේය.

මෙම තරඟාවලියේදී උෂාන් තිවංක තමාගේ පුද්ගලික වාර්තාව මෙන්ම ශ්‍රී ලංකා ජාතික වාර්තාව ද අලුත් කළේය. ඔහු මීටර් 2.21 ක දකුණු ආසියානු වාර්තාව ද ඉක්මවා ගියේය. මෙම ජයග්‍රහණයත් සමඟ ඔහු මීටර් 2.33 ක ඔලිම්පික් පරිසාධන මට්ටමට ළඟා වූ අතර ජාත්‍යන්තර මට්ටමේ උස පැනීමේ ක්‍රීඩකයින් අතර ඉහළම ශ්‍රේණිගත කිරීම් 3 අතරට පැමිණියේය.

මෙම ක්‍රීඩකයා සතු දක්‍ෂතා පිළිබඳ සලකා බැලීමෙන් අනතුරුව, යුද්ධ හමුදා මළල ක්‍රීඩා කමිටුවේ සභාපති සහ ආරක්‍ෂක සේනා ආඥාපති - කිලිනොච්චි මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ ගේ ඉල්ලීමකට අනුව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් උෂාන් තිවන්ක පෙරේරා ගේ වැඩිදුර පුහුණුවීම් කටයුතු සඳහා අවශ්‍ය මූල්‍ය දිරිගැන්වීම් ලබාදුන්නේය.