11th May 2021 20:57:49 Hours
කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී අඟහරුවාදා (11) දින නගරාධිපතිවරුන් සමඟ පැවති සාකච්ඡාවකදී එන්නත් කිරීමේ වැඩසටහන් තවදුරටත් වැඩිදියුණු කිරීම පිළිබඳව සාකච්ඡා කරන ලදී.
කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාව සඳහා සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල් වෛද්‍ය එස්. මහේන්ද්‍ර ආර්නෝල්ඩ්, ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රි මධුර විතානගේ සහභාගී වූහ.
මෙම සාකච්ඡාවේදී කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි වත්මන් තත්ත්වය පිළිබඳ විස්තර කරමින් නව ආසාදිතයින් වාර්ථා වීම, සංචරණ සීමා පැනවීම, මරණ සංඛ්‍යාව ඉහළ යාම, ලබාදෙන එන්නත් වර්ග, එන්නත් කිරීමේ යාන්ත්‍රණය කාර්යක්‍ෂම කිරීම, කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල ආසාදිතයින් සීඝ්‍රයෙන් වර්ධනය වීම, තවත් රෝගීන් ප්‍රතිකාර සඳහා යොමු කිරීම, යුද්ධ හමුදාව විසින් පත්කරන ලද දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරින් සහ ඔවුන්ගේ කාර්යභාරය, ඇඳන් 17,000 ට අධික සංඛ්‍යාවකගෙන් සමන්විත අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වැඩිදියුණු කිරීම හා සමස්ත ප්‍රතිශක්තීකරණ ව්‍යාපෘති දියත් කිරීම ආදී කරුණු පිළිබඳ විස්තර කළේය.
මෙම සාකච්ඡාවේදී, නගරාධිපතිවරුන් සිය අදහස් පළකරමින් පවතින යාන්ත්‍රණයේ සිදුකලයුතු වැඩිදියුණුකිරීම් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත ඉදිරිපත් කළ අතර අදාළ ඉහළ නිලධාරින් සමඟ එක්ව ගැටළු නිරාකරණය කිරීමට කටයුතු කරන බව ද ප්‍රකාශ කළහ. එමෙන්ම විවිධ සම්බන්ධීකරණ පිළිවෙත් කිහිපයක් ද ඔවුහු යෝජනා කළහ.