11th May 2021 12:33:11 Hours
ස්වර්ණවාහිනී රූපවාහිනී නාලිකාවේ සඳුදා (10) දින විකාශය වූ ‘මහජන සේවය පිණිසයි’ වැඩසටහන සඳහා කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා එක් වූවේය. මෙම වසංගතය පිළිබඳ සවිස්තරාත්මකව එහිදී සාකච්ඡා කරන ලදී. මෙම වැඩසටහනේදී අදහස් දක්වමින් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, කොවිඩ් - 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් වාර්ථා වන නව ආසාදිතයින් හා අවශ්‍යතා, වෛරසය ව්‍යාප්තියේ වත්මන් තත්ත්වය, එන්නත්කරණ ක්‍රියාවළිය, නිරෝධායන කටයුතුවල වත්මන් තත්ත්වය, පැතිරීම වැළැක්වීමේ සෞඛ්‍ය පිළිවෙත් සඳහා වන අවශ්‍යතාවයන්, දිස්ත්‍රික්ක අතර සංචරණ සීමා පැනවීම සහ කොවිඩ් - 19 ආසාදිතයින් වාර්ථා වීම අවම කර ගන්නේ කෙසේද යන කරුණු පිළිබඳව සවිස්තරාත්මකව කරුණු විමසනු ලැබුවේය.