11th May 2021 18:33:16 Hours
අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි අද (11) දින මධ්‍යම රාත්‍රියේ සිට 2021 මැයි මස 30 දින දක්වා බලපැවැත්වෙන පරිදි අන්තර් පළාත් ගමනාගමනය සඳහා සීමාවන් පනවා ඇති බවත් අත්‍යවශ්‍ය සේවාවන් සඳහා එම තහනම අදාළ නොවන බවත් කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. එමෙන්ම, එක් එක් ප්‍රදේශ තුළ වෛරසයේ ව්‍යාප්තියේ ස්වභාවය අනුව දිස්ත්‍රික්ක අතර සංචාරන සීමාවන් පැනවීමට ද ඉඩකඩ ඇති බව වැඩිදුරටත් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේය.
සෞඛ්‍ය විශේෂඥයන් පසුගිය සඳුදා (10) දින අතිගරු ජනාධිපතිතුමන් සමඟ සිදුකළ සාකච්ඡාවේදී වෛරසයේ සීඝ්‍ර පැතිරීම පිළිබඳ සාකච්ඡා වූ අතර එම නිසා මෙම සංචාරන සීමාවන් පැනවීමට කටයුතු කරන ලදී. මෙහිදී අදහස් දක්වමින් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් නිවසේම රැඳී සිට මෙම ජාතික ප්‍රයත්නයට සහය වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය.