Header

Sri Lanka Army

Defender of the Nation

11th May 2021 23:07:02 Hours

ගතවු 24 පැය තුළ එක් එක් දිස්ත්‍රීක්කයන් තුළින් වාර්තා වූ කොවිඩ් ආසාදිත පුද්ගලයින් පිළිබද කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වාර්ථා කරයි

අද (11) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 2624 දෙනෙකු හඳුනාගෙන ඇත. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, ඒ ආසාදිතයින් 551 ක් ලෙසය. එම පුද්ගලයින් අතර දිවුලපිටිය ප්‍රදේශයෙන් ආසාදිතයින් 120 දෙනෙකු ද, සීදූව ප්‍රදේශයෙන් පුද්ගලයින් 63 දෙනෙකු ද, කටාන ප්‍රදේශයෙන් පුද්ගලයින් 58 දෙනෙකු සහ මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් පුද්ගලයින් 51 දෙනෙකු ලෙස වාර්තා වේ. සෙසු පුද්ගලයින් දිස්ත්‍රික්කයෙහි අනෙකුත් ප්‍රදේශවලින් වාර්තා වේ.

තවද, කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 362 දෙදෙනෙකු වාර්තා වේ. එම පුද්ගලයින් අතර පානදුර දකුණ ප්‍රදේශයෙන් ආසාදිතයින් 67 දෙනෙකු ද, පානදුර ප්‍රදේශයෙන් ආසාදිතයින් 62 දෙනෙකු ද, බුලත්සිංහල ප්‍රදේශයෙන් ආසාදිතයින් 43 දෙනෙකු සහ මතුගම ප්‍රදේශයෙන් ආසාදිතයින් 31 දෙනෙකු ද වාර්තා වේ. දිස්ත්‍රික්කයෙහි සෙසු පුද්ගලයින් අනෙකුත් ප්‍රදේශවලින් වාර්තා වේ.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ද ආසාදිතයින් 321 දෙනෙකු වාර්තා වන අතර එම පුද්ගලයින් අතරින් පිළියන්දල ප්‍රදේශයෙන් වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වේ. ඒ ආසාදියින් 50 ක් ලෙසය. ඊට අමතරව, තලංගම ප්‍රදේශයෙන් ආසාදිතයින් 35 දෙනෙකු සහ කොළඹ ප්‍රදේශයෙන් ආසාදිතයින් 32 දෙනෙකු වාර්තා වේ. අනෙක් ආසාදිතයින් දිස්ත්‍රික්කයේ සෙසු ප්‍රදේශවලින් වාර්තා වේ.

ඒ අනුව ගතවූ විසිහතර පැය තුළ දිවයිනේ වැඩීම ආසාදිතයින් පිරිසක් හමුවූ ගම්පහ, කළුතර සහ කොළඹ යන දිස්ත්‍රික්කයන් තුළින් ආසාදිතයින් 1234 දෙනෙකු වාර්තාවන අතර, ඉතිරි පුද්ගලයින් 1390 දෙනා අතර, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 177 දෙනෙකු ද, ගාල්ල දිස්ත්‍රික්කයෙන් 170 දෙදෙනකු ද, මාතර දිස්ත්‍රික්කයෙන් 19 දෙනෙකු ද, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් 39 දෙනෙකු ද, බදුල්ල දිස්ත්‍රික්කයෙන් 23 දෙනෙකු ද, අම්පාර දිස්ත්‍රික්කයෙන් 13 දෙනෙකු ද, අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් 83 දෙදෙනෙකු ද, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් 36 දෙනෙකු ද, මුලතිව් දිස්ත්‍රික්කයෙන් 01 පුද්ගලයෙකු ද, නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 184 දෙනෙකු ද, මහනුවර දිස්ත්‍රිකකයෙන් 50 දෙනෙකු ද, රත්නපුර දිස්ත්‍රික්කයෙන් 128 දෙනෙකු ද, පුත්තලම දිස්ත්‍රික්කයෙන් 46 දෙනෙකු ද, යාපනය දිස්ත්‍රික්කයෙන් 109 දෙනෙකු ද, මාතලේ දිස්ත්‍රිකයෙන් 26 දෙනෙකු ද, කිලිනොච්චි දිස්ත්‍රික්කයෙන් 22 දෙනෙකු ද, පොලොන්නරුව දිස්ත්‍රිකයෙන් 54 දෙනෙකු ද, හම්බන්තොට දිස්ත්‍රිකයෙන් 41 දෙනෙකු ද, මොණරාගල දිස්ත්‍රිකයෙන් 92 දෙනෙකු සහ මඩකලපුව දිස්ත්‍රිකයෙන් 26 දෙනෙකු බැගින් වාර්තා වේ.