Header

Sri Lanka Army

Defender of the Nation

10th May 2021 23:00:19 Hours

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් ඩී.ඩබ්ලිව්. හපුආරච්චි (විශ්‍රාමික) අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදවේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් ඩී.ඩබ්ලිව්. හපුආරච්චි රෝගාතුරව ප්‍රතිකාර ලබමින් සිටි අතර පසුගිය ඉරිදා (09) දින මහනුවර, පේරාදෙණිය ප්‍රදේශයේ පිහිටි සිය නිවසේදී අභාවප්‍රාප්ත වූවේය. මියයන විට වයස අවුරුදු 90 ක් සපුරා සිටි ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් දේශයේ ස්වෛරීභාවය වෙනුවෙන් විශිෂ්ඨ සේවාවක් ඉටුකළ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වේ.

එම ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ අවසන් කටයුතු හමුදා සම්ප්‍රදායානුකූලව සිදුකිරීමට නියමිතව ඇත.