Header

Sri Lanka Army

Defender of the Nation

10th May 2021 22:56:06 Hours

231 වන බලසේනාවේ භටපිරිස් කොවිඩ් - 19 වෛරසය පිළිබඳ කාත්තන්කුඩි ජනතාව දැනුවත් කරයි

නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 23 වන සේනාංකයට අයත් 231 වන බලසේනාවට අනියුක්ත 11 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් කාත්තන්කුඩි පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරින්ගේ සහයෝගය ඇතිව පසුගිය සිකුරාදා (07) දින කොවිඩ් - 19 වෛරසයේ ලක්‍ෂණ, එම වෛරසය පැතිරීම වැළැක්වීම සහ පූර්වාරක්‍ෂාව වැනි කරුණු පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් කාත්තන්කුඩි නගරයේ සහ ඒ අවට ප්‍රදේශයේ දී සිදුකළහ.

කොවිඩ් - 19 වෛරසය ව්‍යාප්තිය අවම කිරීමේ අරමුණින් පවත්වනු ලැබූ මෙම වැඩසටහන 23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නලින් කොස්වත්ත ගේ උපදෙස් මත 231 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් විජිත හෙට්ටිආරච්චි විසින් සංවිධානය කරනු ලැබුවේය.

මෙම වැඩසටහන අතරතුර, පොලිස් නිලධාරින් විසින් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකරමින් සැරිසරන පුද්ගලයින් 16 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ද කටයුතු කළහ.