06th May 2021 23:20:40 Hours
(මාධ්‍ය නිවේදනය)
මේ වනවිට, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව කොවිඩ් - 19 ආසාදිතයින් වෙනුවෙන් ජාතික වශයෙන් ප්‍රමුඛතාවයක් ලබාදෙමින් දිවයින පුරා කොවිඩ් - 19 ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම සඳහා රෝහල් සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමේ කාර්යභාරයේ නියැලී සිටී. එම ව්‍යාපෘතීන් වෙනුවෙන් අවැසි උපකරණ සහ ඖෂධ වැනි දෑ යුද්ධ හමුදාව වෙත ලබාදෙන්නැයි කිසිදු අවස්ථාවක ජනතාවගෙන් ඉල්ලීම් කර නොමැත.
නමුත්, මෙම තීරණාත්මක අවස්ථාවේදී යුද්ධ හමුදාව විසින් සිදුකරනු ලබන දැවැන්ත ජාතික ව්‍යාපෘතිය සඳහා ස්වේච්ඡාවෙන් දායකත්වය සැපයීමට කැමති සියලුදෙනාට කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය හෝ යුද්ධ හමුදා මූලස්ථානය සමඟ ඍජුවම සම්බන්ධ වීමෙන් එම පරිත්‍යාග සිදුකිරීමේ හැකියාව පවතී.
තවද, ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුගේ නම සහ දුරකථන අංකය සඳහන් කරමින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පළකර ඇති කොවිඩ් - 19 ව්‍යාපෘති සඳහා යුද්ධ හමුදාව මහජනතාවගෙන් එවැනි ඉල්ලීමක් කර ඇති බවට සඳහන් පුවතේ කිසිදු සත්‍යතාවයක් නොමැති බව යුද්ධ හමුදාව නැවතත් අවධාරණය කර සිටියි. (නිමි)