05th May 2021 19:40:17 Hours
යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම යාමට නියමිත 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සාරද සමරකෝන් බදාදා (05) දින යුද්ධ හමුදා මුලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවූයේය. මේජර් ජෙනරල් සාරද සමරකෝන් දශක තුනකට අධික කාලයක් යුද්ධ හමුදාව වෙනුවෙන් සිදුකළ අනගි සේවය අගයමින් මෙහිදි යුද්ධ හමුදාධිපතිතුමන් පැසසුමට ලක් කළේය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ගජබා රෙජිමේන්තුවේ කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන මේජර් ජෙනරල් සාරද සමරකෝන් සමඟ සුහඳ පිළිසඳරක නිරත වූ යුද්ධ හමුදාධිපතිතුමන් අතීත මතකයන් පිළිබඳ අදහස් හුවමාරු කරගත්තේය. මේජර් ජෙනරල් සාරද සමරකෝන් යුද්ධ හමුදාවේ සහ ගජබා රෙජිමේන්තුවේ උසස් තනතුරු රැසක් හොබවා ඇත.
මේජල් ජෙනරල් සාරද සමරකෝන් විශිෂ්ඨ රණශූරයෙකු ලෙස මාවිල්අාරු සිට පුදුමාතලන් දක්වා වූ මානුෂීය මෙහෙයුම සාර්ථකව අවසන් කරලීම සඳහා මහඟු දායකත්වයක් ලබාදුන් නිලධාරියෙකි. එමෙන්ම, 58 වන සේනාංක වෙතින් ක්‍රියාත්මක කළ මෙහෙයුම් සඳහා එතුමන් ලබාදුන් දායකත්වය අතිමහත්ය.
යුද්ධ හමුදා දිවියෙන් නික්ම යන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්, යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ප්‍රශංසාව වෙනුවෙන් සිය කෘතඥතාවය පළ කළ අතර සිය රාජකාරී ඉටු කිරීමේදී යුද්ධ හමුදාධිපතිතුමන් තමාට ලබාදුන් දිරිගැන්වීම් පිළිබඳව ද විශේෂයෙන් මෙහිදී සඳහන් කළේය. මෙම සුහද හමුව අවසානයේ යුද්ධ හමුදාධිපතිතුමන් සහ නික්මයන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් අතර සමරුතිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.