05th May 2021 19:37:26 Hours
බංගලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කොමදෝරු මොහොමඩ් ෂෆීල් බාරි (Shafiul Bari) බදාදා (05) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවූයේය.
මෙම සුහද හමුවේදී, ත්‍රිවිධ හමුදා භටපිරිස් වෙනුවෙන් බංගලාදේශ හමුදාව විසින් ලබාදී ඇති පහසුකම් වලට අමතරව පුහුණු ක්‍රමවේද සහ හමුදා සංවිධාන අතර පවත්නා ද්වීපාර්ශ්වික සම්බන්ධතා පිළිබඳව වැඩි අවධානයක් යොමු කරමින් සාකච්ඡාව පැවැත්වූ අතර තවත් කරුණු රැසක් සාකච්ඡාවට බඳුන් විය.
බංගලාදේශ හමුදාව වෙතින් ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව වෙත දක්වන සහයෝගීතාවය පිළිබඳ සිය කෘතඥතාවය පුදකළ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අනාගතයේදී පුහුණු ක්ෂේත්‍රය තුළ තවත් එවැනි සබඳතාවයන් ප්‍රවර්ධනය කරගැනීමට කැමැත්ත ප්‍රකාශ කළේය. මෙම සුහද හමුව අවසන් වීමට ප්‍රථම, ශ්‍රී ලංකාවේ කොවිඩ් - 19 වෛරසය ව්‍යාප්තියේ වත්මන් තත්ත්වය සහ වෙනත් ගැටලු පිළිබඳව ද සාකච්ඡා කරන ලදී.