Header

Sri Lanka Army

Defender of the Nation

05th May 2021 19:57:04 Hours

ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ එක් සැකකරුවෙකු අත්අඩංගුවට

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 4 වන සන්නද්ධ බුද්ධි බලකායේ භටපිරිස් කිලිනොච්චි පොලිස් ස්ථානයේ නිලධාරින් සමඟ එක්ව පසුගිය සඳුදා (03) දින කිලිනොච්චිය, ශාන්තිපුරම් ප්‍රදේශයේදී රුපියල් අට ලක්‍ෂ පහලොස්දහසක (රු. 815,000.00) වටිනාකමකින් යුත් ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකරු තවත් මිතුරෙකු සමඟ එක්ව ශාන්තිපුරම් ප්‍රදේශයේ සාප්පුවකින් භාණ්ඩ මිලදී ගැනීමට උත්සහ ගෙන ඇති අතර මේ පිළිබඳ එම සාප්පු හිමියා 4 වන සන්නද්ධ බුද්ධි බලකාය වෙත දැනුම් දී ඇත. ඉන් අනතුරුව, යුද්ධ හමුදා සාමාජිකයින් පොලිස් නිලධාරින් සමග එක්ව කඩිනමින් ක්‍රියාත්මක වී සැකකරු සහ ව්‍යාජ මුදල් නෝට්ටු තොගය අත්අඩංගුවට ගත්හ.

මේ පිළිබඳ කිලිනොච්චි පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් සහ කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ ගේ අධීක්‍ෂණය යටතේ සමාජ විරෝධි ක්‍රියා, මත්ද්‍රව්‍ය, මත්පැන්, වැලි කැණීම් සහ නීතිවිරෝධී ජවාරම් වලට එරෙහිව රජය විසින් ක්‍රියාත්මක කර ඇති වැඩසටහන වෙනුවෙන් එම ප්‍රදේශයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් සිය දායකත්වය ලබාදෙනු ලබයි.