06th May 2021 23:22:20 Hours
කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීම වෙනුවෙන් යුද්ධ හමුදාව විසින් සිදුකරනු ලබන කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳ අවධානය යොමුකරනු ලැබූ ‘Lanka Nature Power & Rough T-Shirts’ සමාගමේ විධායක නිලධාරින් තිදෙනෙකු අඟහරුවාදා (04) දින කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවී, කොවිඩ් - 19 ආසාදිතයින් වෙනුවෙන් ස්ථාපිත කරන ලද ප්‍රතිකාර මධ්‍යස්ථානවල ඇඳ ඇතිරිලි සහ කොට්ට උර මැසීම සඳහා කපු රෙදි යාර 7800 ක් පරිත්‍යාග කරන ලදී.
මෙම අවස්ථාව සඳහා සහභාගී වූ ‘Lanka Nature Power & Rough T-Shirts’ සමාගමේ එන්.එම්. කාලිද් මහතා, හුමේද් කාලිද් මහතා සහ නබීල් කාලිද් මහතා යුද්ධ හමුදාවේ කාර්යභාරය ඇගයීමට ලක් කිරීමෙන් අනතුරුව රෙදි තොගය ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත ප්‍රදානය කළහ.
මෙවන් ජාතික අවශ්‍යතාවයන් පිළිබඳ අවධානය යොමුකරමින් මෙම තරුණ ව්‍යවසායකයින් සිදුකරනු ලැබූ මෙම පරිත්‍යාගය පිළිබඳ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සිය ස්තූතිය ඔවුන් වෙත පුදකළ අතර ඒ වෙනුවෙන් සමරු තිළිණයන් ද ඔවුන් වෙත පිරිනැමුවේය.