03rd May 2021 18:16:26 Hours
ආසාදිතයින් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කිරීමේදී යම්කිසි ප්‍රමාදයක් සිදුවුවහොත් 1906 දුරකථන අංකය ඔස්සේ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය අමතා ඒ පිළිබඳ දැනුම්දෙන ලෙස කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
රෝහල් තුළ ප්‍රතිකාර ලබාගැනීම සඳහා කොවිඩ් - 19 ආසාදිතයින්ගේ බහුලත්වය සහ ඔවුන් වෙත පහසුකම් සැලසීමේ අපහසුතාවය හේතුවෙන් යුද්ධ හමුදාව විසින් දිවයින පුරා ස්ථාපිත කර ඇති ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ප්‍රතිකාර කටයුතු ලබාගැනීමට 1906 අංකය ඔස්සේ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය අමතන ලෙස මෙහිදී එතුමන් වැඩිදුරටත් සඳහන් කර ඇත.