Header

Sri Lanka Army

Defender of the Nation

29th April 2021 20:32:17 Hours

ආරක්‍ෂක ලේකම්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ ත්‍රිවිධ හමුදාධිපතිවරුන් චීන ආරක්‍ෂක අමාත්‍යවරයාට ගුවන්තොටුපලේදී සමුදෙයි

ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක නිරත චීන ජනරජයේ රාජ්‍ය මන්ත්‍රී සහ ආරක්‍ෂක අමාත්‍ය ජෙනරල් වී ෆෙන්ග් (General Wei Fenghe) ප්‍රමුඛ චීන නියෝජිත පිරිස අද (29) දින කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් සිය රට බලා පිටත්ව ගිය අතර ඔවුන්ට සමුදීම සඳහා ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න (විශ්‍රාමික), ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උලුගේතැන්න සහ ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ, ශ්‍රී ලංකාවේ චීන තානාපති කි ෂෙන්හෝං (Qi Zhenhong) සහ ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙක් එම අවස්ථාවට එක්ව සිටියහ.

ශ්‍රී ලංකාවේ සංචාරය කළ කාලය තුළ එතුමන් අතිගරු ජනාධිපති, ගරු අග්‍රාමාත්‍යතුමන් සහ ආරක්‍ෂක ලේකම් සමඟ සාකච්ඡා පැවැත්වූවේය. ආරක්‍ෂක ලේකම්, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හා ගුවන් හමුදාධිපතිවරුන් චීන ආරක්‍ෂක අමාත්‍ය ජෙනරල් වී ෆෙන්ග් සමඟ පැවති සාකච්ඡාවේදී ද්වීපාර්ශ්වික හමුදාමය සහයෝගිතා ගිවිසුමක් අත්සන් කළේය. ඉන් අනතුරුව, ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න (විශ්‍රාමික) සහ ශ්‍රී ලංකා රේගු අධ්‍යක්‍ෂ ජෙනරල්, චීන ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාල ආදි විද්‍යාර්ථයින්ගේ සංගමයේ සභාපති සහ එම සංගමයේ ආරම්භක සාමාජික මේජර් ජෙනරල් විජිත රවිප්‍රිය ගේ ආරාධනාවකට අනුව ජෙනරල් වී ෆෙන්ග් විසින් ශ්‍රී ලංකා චීන ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාල ආදි විද්‍යාර්ථයින්ගේ සංගමයේ නිල වෙබ් අඩවිය විවෘත කරන ලදී.

සංචාරයේ නිරත චීන නියෝජිත පිරිසට චීන ජනරජයේ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරින් සහ රාජ්‍ය නිලධාරින් ද එක්ව සිටි අතර ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) විසින් නික්ම යන චීන නියෝජිත පිරිස වෙත ශ්‍රී ලංකාවට නිරන්තරයෙන් ලබා දුන් සහයෝගිතාව පිළිබඳව සිහිපත් කරමින් සිය කෘතඥතාවය චීන ආරක්‍ෂක අමාත්‍ය ජෙනරල් වී ෆෙන්ග් වෙත පළකළේය.