01st May 2021 21:30:21 Hours
කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරල් වෛද්‍ය අසේල ගුණවර්ධන, ජාතික බෝවන රෝග විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සහ එක්සත් රාජධානියේ කීලි විශ්වවිද්‍යාලයේ භෞතික සෞඛ්‍ය සේවා විද්‍යාපීඨයේ අධ්‍යක්‍ෂ මහචාර්ය අතුල සුමතිපාල යන විද්වතුන් පසුගිය බදාදා (28) දින දෙරණ රූපවාහිනි නාලිකාවේ විකාශය වූ ‘අලුත් පාර්ලිමේන්තුව’ වැඩසටහන සඳහා සහභාගී වූ අතර එහිදී, කොවිඩ් - 19 ආසාදිතයින් වර්ධනය වීම පිළිබඳ කරුණු සාකච්ඡා කළහ.
එහිදී, කොවිඩ් - 19 පැතිරයාම සම්බන්ධයෙන් වන නූතන සාධක පිළිබඳ සාකච්ඡා කළ අතර මෙම රෝගය කඩිනමින් ව්‍යාප්ත වීම වැළැක්වීම උදෙසා සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කිරීමේ අවශ්‍යතාවය, හුදෙකලා කිරීමේ කටයුතු, සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේද පිළිපැදීමේ වැදගත්කම සහ රෝගය මැඩපැවැත්වීමට අවශ්‍ය සාධක පිළිබඳව සාකච්ඡා කරන ලදී.
වැඩසටහනේ සම්පූර්ණ වීඩියෝ දර්ශන පහතින් දැක්වේ :