Header

Sri Lanka Army

Defender of the Nation

27th April 2021 19:10:46 Hours

භඨකාර්ය සම්පාදන මූලස්ථානයේ නිලධාරින් සහ සෙසුනිලයින් අලුත් අවුරුදු සමරති

සිංහල, දෙමළ අලුත් අවුරුදු උදාව නිමිත්තෙන් කොස්ගම පිහිටි භඨකාර්ය සම්පාදන මූලස්ථානයේ සේවයේ නියුතු නිලධාරින් සහ සෙසු නිලයින් සීමිත ප්‍රමාණයකගේ සහභාගිත්වයෙන් පසුගිය බ්‍රහස්පතින්දා (08) දින එම මූලස්ථාන පරිශ්‍රයේ අලුත් අවුරුදු උත්සවයක් පැවැත්විය. එම උත්සවය දැඩි සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේද යටතේ පැවැත්විණි.

භඨකාර්ය සම්පාදන ආඥාපති මේජර් ජෙනරල් රංජන් ප්‍රේමලාල් ගේ උපදෙස් මත සංවිධානය කළ මෙම අලුත් අවුරුදු උත්සවය සාම්ප්‍රදායික සහ විනෝදජනක අංගයන් කිහිපයකින් සමන්විත විය.

මෙම අලුත් අවුරුදු උත්සවයේ කනා මුට්ටි ගැසීම, පොල්අතු විවීම, ග්‍රීස් ගසේ නැඟීම, බනිස් කෑම, පොල් ගෑම වැනි තරඟ කිහිපයක් සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුකූලව පැවැත්වූහ.

මෙම අවුරුදු උත්සවය සඳහා සහභාගී වූ නිලධාරින්, සෙසුනිලයින් සහ සිවිල් කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් අවුරුදු ඉසව් රාශියකට සහභාගී වෙමින් විනෝද වූහ.

මෙම අවුරුදු උත්සවය අවසානයේ සියලු ඉසව් වල ජයග්‍රාහකයින්ට වටිනා ත්‍යාග පිරිනමන ලදී.