28th April 2021 21:29:40 Hours
චීන ජනරජයේ රාජ්‍ය මන්ත්‍රී සහ ආරක්‍ෂක අමාත්‍ය ජෙනරල් වී ෆෙන්ග් (General Wei Fenghe) ප්‍රමුඛ චීන නියෝජිත පිරිස ශ්‍රී ලංකාවේ සිදුකරනු ලබන සංචාරයට සමගාමීව බදාදා (28) දින කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේදී සාකච්ඡාවක් පැවති අතර එම සාකච්ඡාව සඳහා ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) සමඟින් ත්‍රිවිධ හමුදාධිපතිවරු, රාජ්‍ය නිලධාරීන් සහ ආරක්‍ෂක විශේෂඥයින් ද සහභාගී වූහ.
මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකාවේ චීන තානාපති අතිගරු කි ෂෙන්හෝං සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොලඹගේ, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හා ගුවන් හමුදාධිපතිවරුන් සහ රාජ්‍ය නිලධාරින් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූහ.
දෙරට අතර දිගු කාලීන ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳ සිහිපත් කරමින් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) බුද්ධාගම, වෙළඳ කටයුතු, ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනය සහ ගෝලීය සම්බන්ධතාවය ඇතුළු විවිධ මාර්ග ඔස්සේ දෙරට අතර ඓතිහාසික සම්බන්ධතාවයක් පවතින බව ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවට එරෙහිව සභාගත කළ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවේදී චීන රජය විසින් මෑතකදී ලබා දුන් සහයෝගය ද එතුමන් ඇගයීමට ලක්කළේය.
එමෙන්ම, ජෙනරල් වී ෆෙන්ග් සිය අදහස් දක්වමින් ප්‍රායෝගික සහයෝගීතාව ඉහළ නැංවීම සහ ද්විපාර්ශ්වික සබඳතා වැඩිදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව සමඟ ඒකාබද්ධව කටයුතු කිරීමට චීනය බලාපොරොත්තු වන බවත් දෙරට අතර පවත්නා හමුදාමය සබඳතා තවදුරටත් ප්‍රවර්ධනය කිරීමට බලාපොරොත්තු වන බවත් පැවසුවේය.
ඉන් අනතුරුව, චීන ආරක්‍ෂක අමාත්‍ය ජෙනරල් වී ෆෙන්ග් විසින් ශ්‍රී ලංකා චීන ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාල ආදි විද්‍යාර්ථයින්ගේ සංගමයේ නිල වෙබ් අඩවිය විවෘත කරන ලදී. එතුමන්ට ඒ සඳහා ආරාධනා කරනු ලැබුවේ ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න (විශ්‍රාමික) සහ ශ්‍රී ලංකා රේගු අධ්‍යක්‍ෂ ජෙනරල්, චීන ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාල ආදි විද්‍යාර්ථයින්ගේ සංගමයේ සභාපති සහ එම සංගමයේ ආරම්භක සාමාජික මේජර් ජෙනරල් විජිත රවිප්‍රිය විසිනි.
දෙරට අතර හමුදාමය සහයෝගිතාවය, පුහුණු කිරීමේ වැඩසටහන් සඳහා නිල වශයෙන් අත්සන් තැබීම ද මෙම අවස්ථාවේදී සිදුවිය. ඉන් අනතුරුව, ආරක්‍ෂක ලේකම්, ත්‍රිවිධ හමුදාධිපතිවරු සහ චීන නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී ජෙනරල් වී ෆෙන්ග් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවූහ.
චීන යුද්ධ හමුදා ඒකාබද්ධ මාණ්ඩලික දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ප්‍රධානී ලුතිනන් ජෙනරල් ෂාවෝ යුවාන්මින් (Shao Yuanming), මධ්‍යම හමුදා කොමිෂන් සභාවේ ජාත්‍යන්තර හමුදා සහයෝගීතාව පිළිබඳ කාර්යාලයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් සී ගුඕවේ (Ci Guowei), චීනයේ ප්‍රධාන ආරක්‍ෂක හමුදා කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් ෂෙන් ෆැන්ග්වු (Shen Fangwu), චීන මහජන හමුදාවේ දක්‍ෂිණ ප්‍රදේශයේ සහකාර මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් හූ සියන්ජුන් (Hu Xianjun) සහ චීන ආරක්‍ෂක හූ සියැන්ජුන් (Hu Xianjun) සහ චීන ආරක්‍ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් වැන් ඩොං (Wan Dong) යන යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් අතිගරු ජනාධිපතිතුමා සහ ගරු අග්‍රාමාත්‍යතුමා මුණගැසීමට පෙර මෙම ද්විපාර්ශ්වික සාකච්ඡාවලට සහභාගී වූහ.