28th April 2021 06:16:48 Hours
කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී අද (27) දින පැවති සාකච්ඡාව සඳහා සහභාගී වූ සෞඛ්‍ය ආමත්‍යාංශයේ විශේෂඥයින්, වෛද්‍ය පරිපාලකයින්, වසංගත රෝග විද්‍යාඥයින්, විශ්වවිද්‍යාල වෛද්‍යවරුන් සහ තාක්‍ෂණික බලධාරීන් රට තුළ සීඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් - 19 තෙවන රැල්ල පිළිබඳව ගැඹුරින් විශ්ලේෂණයක යෙදුනහ. දිවයිනේ විවිධ ප්‍රදේශවලින් හමුවන කොවිඩ් - 19 ආසාදිතයින් සංඛ්‍යාව වැඩිවීම නිසා එය තවදුරටත් ව්‍යාප්ත වීම වැළැක්වීමට ගතහැකි කඩිනම් ක්‍රියාමාර්ග, සැලසුම් සහ අනාගතයේදී රෝගීන් හඳුනාගැනීම සඳහා යොදාගත හැකි ක්‍රමවේදයන් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කළහ.
කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් සහ වෛද්‍ය විශේෂඥයින්, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සහ කාර්ය සාධක බලකායේ විශේෂ වෛද්‍ය වෘත්තිකයන්ගේ සහභාගිත්වයෙන් මෙම විශේෂ සාකච්ඡාව පැවැත්වූහ. මෙහිදී, දිවයින පුරා ඕනෑම හදිසි අවස්ථාවකදී රෝහල්, ඇඳන් සහ වෛද්‍ය උපකරණ, මිනිස් ශ්‍රමය, වෛද්‍ය සේවා සැපයුම්, ආරක්‍ෂක උපකරණ ලබාගත හැකි බවත් වෛද්‍ය නිලධාරීන් සහ කාර්ය මණ්ඩලය යෙදවීමේ හැකියාව පිළිබඳවත් සාකච්ඡා කෙරිණි.
මීට අමතරව, හදිසි අවස්ථාවන් වලදී අවශ්‍ය පහසුකම් සැපයීම සඳහා විකල්ප ස්ථාන ලබාගැනීමේ හැකියාව පිළිබඳ සාකච්ඡාවට බඳුන් වු අතර කිසිදු බාධාවකින් තොරව වැළැක්වීමේ පියවරයන් අඛණ්ඩව සිදුකරගෙන යාමේ හැකියාව පිළිබඳව ද කරුණු සාකච්ඡා කළහ. සෞඛ්‍ය ප්‍රවීණයන්ගේ සහ විශේෂඥ වෘත්තියන්ගේ අදහස් හා දැනුම මෙම කාර්යභාරයේ නිරත වුවන් අතර බෙදාගනිමින් මෙම තීරණාත්මක අවස්ථාවේදී රෝග ව්‍යාප්තිය පාලනය කිරීමට රැස්ව සිටි සියලුදෙනා සාමූහිකව එකඟ වූහ.
මෙම සාකච්ඡාව සඳහා ජාතික බෝවන රෝග පිළිබඳ ආයතනයේ උපදේශක වෛද්‍ය ආනන්ද විජේවික්‍රම, කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය මනෝජ් වීරසිංහ, වෛද්‍ය තාක්‍ෂණ අධ්‍යක්‍ෂ සහ කොවිඩ් - 19 පාලනය භාර සෞඛ්‍ය අමාත්‍යාංශයේ සම්බන්ධීකාරක වෛද්‍ය එම්. හම්දානි, හෝමාගම මූලික රෝහලේ වෛද්‍ය එරංග නාරංගොඩ, ශ්‍රී ලංකා ජාතික රෝහලේ උපදේශක වෛද්‍ය උපුල් දිසානායක, ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර, මහජන සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය මහේන්ද්‍ර ආර්නෝල්ඩ්, භෞතික විද්‍යා මහාචාර්ය අතුල සුමතිපාල, කීලි විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය විද්‍යා පීඨයේ මහාචාර්යවරයෙකු සහ විශේෂඥයින් කිහිපදෙනෙකු එක්වූහ.
එමෙන්ම, කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණ නිලධාරි බ්‍රිගේඩියර් චන්දන අරන්ගල්ල, යුද්ධ හමුදා මූලස්ථානයේ අධ්‍යක්‍ෂ ජනමාධ්‍ය බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න සහ කර්නල් වෛද්‍ය සවින් සේමගේ යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.