Header

Sri Lanka Army

Defender of the Nation

28th April 2021 11:28:58 Hours

ආරක්‍ෂක ලේකම් සහ ත්‍රිවිධ හමුදාධිපතිවරුන් චීන ආරක්‍ෂක අමාත්‍යතුමන් උණුසුම් අයුරින් පිළිගනී

දෙදින නිල සංචාරයක් සඳහා පසුගිය අඟහරුවාදා (27) දින ශ්‍රී ලංකාවට සපැමිණි මහජන චීන ජනරජයේ රාජ්‍ය මන්ත්‍රී සහ ආරක්‍ෂක අමාත්‍ය ජෙනරල් වී ෆෙන්ග් (General Wei Fenghe) ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) සමඟින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහ ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානි එයාර් වයිස් මාර්ෂල් ප්‍රසන්න පායෝ විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබූහ.                                       

ජෙනරල් වී ෆෙන්ග් ඇතුළු නියෝජිත කණ්ඩායම ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලය තුළ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ සහ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත. සංචාරයේ නිරත චීන දූත පිරිස සෞඛ්‍යාරක්‍ෂිත මාර්ගෝපදේශ හා ‘එයාර් බබල්’ සංකල්පයට අනුකූලව අඛණ්ඩව ද්විපාර්ශ්වික සාකච්ඡා කරගෙන යනු ඇත.

ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) විසින් සංචාරයේ නිරත චීන ආරක්‍ෂක අමාත්‍යතුමන් පිළිගැනීමෙන් අනතුරුව ශ්‍රී ලාංකික නර්තන ශිල්පීන් විසින් ගුවන්තොටුපලේ ප්‍රභූ වේදිකාව වෙත කැඳවාගෙන ආවේය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ චීන තානාපති අතිගරු කි ෂෙන්හෝං (Qi Zhenhong), චීන තානාපති කාර්යාල නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් එක්ව සිටියහ.