Header

Sri Lanka Army

Defender of the Nation

27th April 2021 19:06:38 Hours

‘තුරු මිතුරු නව රටක්’ ව්‍යාපෘතියේ තවත් අදියරක් කවුඩගල ආරණ්‍ය සේනාසනයේදී ඇරඹේ

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයක්ට අනුව ක්‍රියාත්මක ‘තුරු මිතුරු නව රටක්’ ව්‍යාපෘතියට සමගාමීව ‘තාරුණ්‍යයෙන් සැමට’ ස්වේච්ඡා සංවිධානය (FYFA Volunteer organization), යුද්ධ හමුදා භටපිරිස් සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ භටපිරිස් එක්ව වැලිකන්ද කවුඩගල වනාන්තරය ආශ්‍රිතව වන වගා ව්‍යාපෘතියක් දියත් කරන ලදී.

මෙම ව්‍යාපෘතිය පසුගිය සෙනසුරාදා (24) දින මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ කවුඩගල වන ආශ්‍රමය ආශ්‍රිතව පවත්වන ලදී.

මෙම ව්‍යාපෘතියේ පළමු අදියරේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරල් මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි (විශ්‍රාමික) සමඟින් තාරුණ්‍යයෙන් සැමට ස්වේච්ඡා සංවිධානයේ නිර්මාතෘ හා අධ්‍යක්‍ෂ ලසන්ත නිර්මාල් මහතා සහභාගී වූහ. එමෙන්ම, 233 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් වසන්ත හේවගේ, තාරුණ්‍යයෙන් සැමට ස්වේච්ඡා සංවිධානයේ සාමාජිකයින්, යුද්ධ හමුදාවේ හා සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු භටපිරිස් සහ වැලිකන්ද ප්‍රදේශයේ සිසු සිසුවියන් විශාල ප්‍රමාණයක් මෙම ව්‍යාපෘතිය සමඟින් එක්වූහ. එහිදී, ඔවුන් එක්ව ඖෂධ පැළෑටි සහ වෙනත් පැළ 1000 ක් රෝපණය කළහ.

මෙම ව්‍යාපෘතියට සමගාමීව ඉදිරි වසර දෙක තුළ පැළ 100,000 ක් රෝපණය කිරීමට සැලසුම් කර ඇත.