Header

Sri Lanka Army

Defender of the Nation

27th April 2021 08:27:09 Hours

යාපනය අර්ධද්වීපයේ කොවිඩ් - 19 ව්‍යාප්තිය පිළිබඳ සාකච්ඡාවක්

යාපනය දිස්ත්‍රික් කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරි යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා, යාපනය ලේකම් කාර්යාලයේදී 2021 අප්‍රේල් 24 දින යාපනය දිස්ත්‍රික්කයේ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීම පිළිබඳ සාකච්ඡාවක් පවත්වන ලදී.

මෙම සාකච්ඡාව ආරම්භයේදී යාපනය දිස්ත්‍රික් ලේකම් සාකච්ඡාව අමතමින් ප්‍රකාශ කළේ වර්තමානයේ යාපනය දිස්ත්‍රික්කයේ කොවිඩ් - 19 වෛරසය පැතිරීමට ප්‍රධාන හේතුව පොදු ජනතාවගේ නොසැලකිලිමත්භාවය බවයි. ඉන් අනතුරුව, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ විසින් කොවිඩ් - 19 ව්‍යාප්තියේ වත්මන් තත්ත්වය පිළිබඳ සංඛ්‍යාලේඛන ඉදිරිපත් කළ අතර රජය විසින් අලුතින් ක්‍රියාත්මක කරන ලද රෙගුලාසි පිළිබඳව විස්තර කළේය.

සාකච්ඡාව අතරතුර, කොවිඩ් - 19 වෛරසය පිළිබඳ අනෙකුත් ආයතනවල නියෝජිතයින් ද සිය අදහස් ඉදිරිපත් කළ අතර වෛරසය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා අවශ්‍ය සියලුම සහයෝගය ලබාදීමට සූදානම් බව යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති ප්‍රකාශ කළේය.

මෙම සාකච්ඡාව සඳහා දිස්ත්‍රික් ලේකම් කනපතිපිල්ලේ මහේෂන් මහතා, සහකාර දිස්ත්‍රික් ලේකම් එම්. ප්‍රතීපන් මහතා, ප්‍රාදේශීය ලේකම්වරුන්, යාපනයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි, කන්කසන්තුරේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි, නාවික හමුදා නිලධාරින්, යාපනය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය සත්‍යමූර්ති, සෞඛ්‍ය සේවා ප්‍රධානින් කිහිපදෙනෙක්, මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් සහ රජයේ නිලධාරීන් ද සහභාගී වූහ.