Header

Sri Lanka Army

Defender of the Nation

26th April 2021 23:47:23 Hours

ගතවු 24 පැය තුළ එක් එක් දිස්ත්‍රීක්කයන් තුළින් වාර්තා වූ කොවිඩ් ආසාදිත පුද්ගලයින් පිළිබද කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වාර්ථා කරයි

අද (27) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 997 දෙනෙකු හඳුනාගෙන ඇත. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, ඒ ආසාදිතයින් 173 ක් ලෙසය. එම පුද්ගලයින් අතර දෙහිවල ප්‍රදේශයෙන් ආසාදිතයින් 18 දෙනෙකු ද, හංවැල්ල ප්‍රදේශයෙන් පුද්ගලයින් 17 දෙනෙකු ද, මිරිහාන සහ මුල්ලේරියාව ප්‍රදේශවලින් පුද්ගලයින් 13 දෙනෙකු බැගින් සහ වැල්ලවත්ත ප්‍රදේශයෙන් පුද්ගලයින් 10 දෙනෙකු ලෙස වාර්තා වේ. සෙසු පුද්ගලයින් දිස්ත්‍රික්කයෙහි අනෙකුත් ප්‍රදේශවලින් වාර්තා වේ.

තවද, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 170 දෙදෙනෙකු වාර්තා වේ. එම පුද්ගලයින් අතර මීරිගම ප්‍රදේශයෙන් ආසාදිතයින් 17 දෙනෙකු ද, දිවුලපිටිය ප්‍රදේශයෙන් ආසාදිතයින් 16 දෙනෙකු ද, මැල්ලවගෙදර ප්‍රදේශයෙන් ආසාදිතයින් 15 දෙනෙකු සහ නිට්ටඹුව ප්‍රදේශයෙන් ආසාදිතයින් 13 දෙනෙකු ද වාර්තා වේ. දිස්ත්‍රික්කයෙහි සෙසු පුද්ගලයින් අනෙකුත් ප්‍රදේශවලින් වාර්තා වේ.

ගාල්ල දිස්ත්‍රික්කයෙන් ද ආසාදිතයින් 92 දෙනෙකු වාර්තා වන අතර එම පුද්ගලයින් අතරින් පෝද්දල ප්‍රදේශයෙන් වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වේ. ඒ ආසාදියින් 37 ක් ලෙසය. ඊට අමතරව, රත්ගම ප්‍රදේශයෙන් ආසාදිතයින් 34 දෙනෙකු සහ යක්කලමුල්ල ප්‍රදේශයෙන් ආසාදිතයින් 5 දෙනෙකු වාර්තා වේ. අනෙක් ආසාදිතයින් දිස්ත්‍රික්කයේ සෙසු ප්‍රදේශවලින් වාර්තා වේ.

ඒ අනුව ගතවූ විසිහතර පැය තුළ දිවයිනේ වැඩීම ආසාදිතයින් පිරිසක් හමුවූ කොළඹ, ගම්පහ සහ ගාල්ල යන දිස්ත්‍රික්කයන් තුළින් ආසාදිතයින් 435 දෙනෙකු වාර්තාවන අතර, ඉතිරි පුද්ගලයින් 562 දෙනා අතර, මොණරාගල දිස්ත්‍රික්කයෙන් 86 දෙනෙකු ද, කළුතර දිස්ත්‍රික්කයෙන් 74 දෙදෙනකු ද, මාතලේ දිස්ත්‍රික්කයෙන් 66 දෙනෙකු ද, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් 59 දෙනෙකු ද, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 49 දෙනෙකු ද, මාතර දිස්ත්‍රික්කයෙන් 32 දෙනෙකු ද, බදුල්ල දිස්ත්‍රික්කයෙන් 25 දෙදෙනෙකු ද, නුවරඑළිය සහ පුත්තලම දිස්ත්‍රික්කවලින් 22 දෙනෙකු බැගින් ද, යාපනය දිස්ත්‍රික්කයෙන් 17 දෙනෙකු ද, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් 16 දෙනෙකු ද, අනුරාධපුර දිස්ත්‍රිකකයෙන් 15 දෙනෙකු ද, වවුනියාව දිස්ත්‍රික්කයෙන් 11 දෙනෙකු ද, මහනුවර සහ අම්පාර දිස්ත්‍රික්කවලින් 07 දෙනෙකු බැගින් ද, මඩකලපුව දිස්ත්‍රික්කයෙන් 03 දෙනෙකු ද, මන්නාරම දිස්ත්‍රිකයෙන් දෙදෙනෙකු ද, රත්නපුර, පොලොන්නරුව, කිලිනොච්චිය සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කයන් තුළින් එක් ආසාදිතයෙකු බැගින් වාර්තා වේ.