20th April 2021 23:45:43 Hours
කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි,ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් ප්‍රධාන දේශපාලන පක්‍ෂ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් විශේෂ හමුවක් ඉකුත් අඟහරුවාදා (20) දින කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී පැවැත්වුණු අතර එහිදී එළඹෙන මැයි දින සූදානම පිළිබඳ සාකච්ඡා කරනු ලැබූහ.
කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි විසින් පසුගිය වර්ෂයේ සහ මෙම වර්ෂයේ අලුත් අවුරුදු සමය තුළ ජනතාව අතර කොවිඩ් - 19 පැතිරීම සම්බන්ධයෙන් සංඛ්‍යා ලේඛන සමගින් සමාලෝචනයක යෙදුනු අතර එහිදී, මරණ සංඛ්‍යාව, ආසාදිතයින්, සුවය ලැබූවන් සහ නිරෝධායන ක්‍රියාවලිය ආදී කරුණු පිළිබඳපැහැදිලි කළේය. එමෙන්ම, අලුත් අවුරුදු කාල සීමාවෙන් පසු බොහෝ විට මැයි මුල් සති දෙක තුළ ජනතාවගේ චර්යා රටාවන්හි සහ අසල්වැසි රටවල්වල මෙන්ම ලෝකයේ වෙනත් රටවල කොවිඩ් - 19 ආසාදිතයින්ගේ සීඝ්‍ර වර්ධනය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරමින් කරුණු පැහැදිලි කළේය.
වෛරසයේ වේගයෙන් වෙනස් වන ප්‍රභේද, වෙනත් රටවල සම්ප්‍රේෂණය වීමේ ස්වභාවය, නව පොකුරු ඇතිවීම හා ඊට සම්බන්ධ අවදානම් තත්ත්වය ආදි කරුණූ පිළිබඳව හා සමාජයේ තරුණ තරුණියන් බහුතරයකට මෙම වෛරසය ආසාදනය වීමේ නවතම ප්‍රවණතාව පිළිබඳව මෙම හමුවට සහභාගි වූවන් දැනුවත් කළේය. එමෙන්ම,2020 මාර්තු මස වන විට තිබූ වෛරසයෙන් වෙනස් වූ වෛරස් ප්‍රභේදයක් මේ වන විට හඳුනාගෙන ඇති බවත් ඒ පිළිබඳව අවධානයෙන් කටයුතු කළයුතු බවත් වැඩිදුරටත් පැහැදිලි කළේය.
සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂජෙනරාල්වෛද්‍ය අසේල ගුණවර්ධන ඇතුළුවෛද්‍ය විශේෂඥයින්ද මෙම තත්ත්වය පිළිබඳව කරුණු පැහැදිලි කළ අතර මහජන රැස්වීම්වලට සම්බන්ධ වීමේ අවදානම පෙන්වා දුන්හ.
කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි සහ වෛද්‍ය විශේෂඥයින්ගේ පැහැදිලි කිරීම්වලින් පසු දේශපාලන පක්‍ෂවල සහ වෘත්තීය සමිතිවල නියෝජිතයින් ජනතාවගේ යහපත උදෙසා සැලසුම් කළ මැයි දින පෙළපාලි සහ රැස්වීම් මෙවර නොපැවැත්වීමට එකඟතාවය පළකළහ.
මෙම විශේෂ රැස්වීමට සහභාගී වූ දේශපාලන පක්‍ෂ හා වෘත්තීයසමිති නියෝජිතයින් අතර ප්‍රවාහන අමාත්‍ය ගරු ගාමිණි ලොකුගේ මැතිතුමන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු එස්. එම්. මරික්කාර් මැතිතුමන් හා ගරු මොහොමඩ් මුසම්මිල් මැතිතුමන් ද එක්වුහ.
මෙම රැස්වීම සඳහා අයි.ඩී.එච්. ජාතික බෝවන රෝග පිළිබඳ ආයතනයේ උපදේශක වෛද්‍ය ආනන්ද විජේවික්‍රම, ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර, කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය මනෝජ් වීරසිංහ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදේශක වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය රෝහිත මුතුගල සහ වෛද්‍ය නදීක ජානගේ, සෞඛ්‍ය විද්‍යා පීඨයේ මහාචාර්ය අතුල සුමතිපාල, මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති එම්. ජී. උපුල් රෝහණ මහතා සහ තවත් සෞඛ්‍ය බලධාරින් කිහිපදෙනෙකු සහභාගී වූහ.
පසුව, වෛද්‍ය විශේෂඥයින් සමඟ පැවති මෙම රැස්වීමේදී අලුත් අවුරුදු සමයේදී පොදු ජනතාවගේ චර්යා රටාවන් සහ අනවශ්‍ය ලෙස ගොනුවීම් මෙන්ම මහජන රැස්වීම්වලට සම්බන්ධවීමේදී සිදුවන අවදානම් පිළිබඳව වෛද්‍ය විශේෂඥයින් විශේෂ අවධානයක් යොමු කළහ.