Header

Sri Lanka Army

Defender of the Nation

20th April 2021 21:54:25 Hours

ඕස්ට්‍රේලියානු ආරක්‍ෂක උපදේශක යුද්ධ හමුදාධිපති හමුවෙයි

ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කපිතන් ඉයන් කේන් (Captain Ian Cain) අඟහරුවාදා (20) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවූයේය.

යුද්ධ හමුදා මූලස්ථානය වෙත සපැමිණි කපිතන් ඉයන් කේන් (Captain Ian Cain) උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව ආරක්‍ෂක සහයෝගීතාවයට අදාළ පොදු කරුණු මෙන්ම ශ්‍රී ලංකාවේ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කළහ.

පුහුණු ක්ෂේත්‍රයේ සහ වෙනත් අවස්ථාවන් වලදී තමන් වෙත ලබාදුන් සහයෝගය වෙනුවෙන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඕස්ට්‍රේලියානු ආරක්‍ෂක උපදේශක වෙත සිය ස්තූතිය පුදකළේය. මෙම සුහද හමුව අවසානයේ, දෙරට අතර පවතින අන්‍යෝන්‍ය සුහදත්වයතහවුරු කරමින් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා කපිතන් ඉයන් කේන් වෙත සමරු තිළිණයක් ප්‍රදානය කළේය.