Header

Sri Lanka Army

Defender of the Nation

16th April 2021 12:00:25 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය වැඳපුදාගනී

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, බ්‍රහස්පතින්දා (15) දින මුරුතලාව, නෙල්ලිගල පිහිටි නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය වැඳපුදා ආශිර්වාද ලබාගත්තේය.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ සුජීවා නෙල්සන් මහත්මිය නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ තැන්පත් කර ඇති ධාතු කරඩුව, චෛත්‍ය රාජ්‍යාණන් වහන්සේ සහ සහ සුමන සමන් දේව ප්‍රතිමාව වෙත මල් පහන් පූජා කර වැදපුදා ගත් අතර නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ වත්මන් විහාරාධිපති වතුරකුඹුරේ ධම්මරතන හිමිපාණන් ද ඔවුන්ට ආශීර්වාද එක්කිරීම සඳහා එක්ව සිටියහ.

ඉන් අනතුරුව, විහාරාධිපති හිමිපාණන් විහාරස්ථාන පරිශ්‍රයේ සංවර්ධන කටයුතු පිළිබඳ යුද්ධ හමුදාධිපතිතුමන් දැනුවත් කර ඒ පිළිබඳ සාකච්ඡා කළහ. යුද්ධ හමුදාධිපතිතුමන් නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය වෙත පැමිණ සිටිනු දුටු බැතිමතුන් එතුමන්ට ආශීර්වාද පුද කළහ. affiliate link trace | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ