Header

Sri Lanka Army

Defender of the Nation

13th April 2021 05:30:22 Hours

යුද්ධ හමුදාවේ කාර්යභාරය කෝරලේපත්තු බටහිර ප්‍රදේශිය සභාවේ ඇගයුමට

කොවිඩ්-19 වෛරසය හමුවේ යුද්ධ හමුදා සාමාජිකයින් ඔට්ටමාවඩි පිහිටි කෝරලේපත්තු බටහිර ප්‍රදේශීය සභා බලප්‍රදේශයේ සිදුකරනු ලැබු කාර්යභාර්ය සහ ආරක්‍ෂක කටයුතු නොපිරිහෙලා ඉටු කිරීම වෙනුවෙන් ගෞරව දැක්වීමේ උත්සවයක් පසුගිය ඉරිදා (11) දින ඔට්ටමාවඩි ප්‍රදේශීය සභා ශාලාවේදී පවත්වන ලදී. මෙම අවස්ථාවට යුද්ධ හමුදා සාමාජිකයින් 44 දෙනෙකු සහභාගි වූහ.

කොවිඩ්-19 වෛරසය හමුවේ ඔවුන් සියලුදෙනා සිදුකරනු ලැබු කාර්යභාර්ය අගය කරමින් මෙහිදි සමරුතිළිණ සහ ත්‍යාග ප්‍රදානය කරන ලදී. මෙම අවස්ථාවට ප්‍රාදේශීය සභාවේ සභාපති, ප්‍රාදේශීය සභා සාමාජිකයින්, පොලිස් නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන් සහ ආරාධිතයින් රැසක් සහභාගී වූහ.

මෙම අවස්ථාවට ආරාධිත අමුත්තෙකු ලෙස 23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නලින් කොස්වත්ත සහභාගි වූ අතර 231, 232 සහ 233 වන බලසේනාවල බලසේනාධිපතිවරුන් ද එක්ව සිටියහ. Nike shoes | Releases Nike Shoes