Header

Sri Lanka Army

Defender of the Nation

13th April 2021 06:00:22 Hours

කඹුරුපිටියේ දරු දැරියන්ට ඇදුම් පැළදුම් සහ පාසල් උපකරණ

බටහිර ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 61 වන සේනාංකයට අයත් කඹුරුපිටිය ප්‍රදේශයේ පිහිටි 613 වන බලසේනාවේ භටපිරිස් එම ප්‍රදේශයේ දරු දැරියන්ට අඳුම් පැළඳුම් සහ පාසල් උපකරණ ඇතුළු ත්‍යාග පාර්සල් තොගයක් ඉකුත් අඟහරුවාදා (13) දින බෙදාදුන්හ. ඒ සඳහා පරිත්‍යාගශීලින් පිරිසක් අනුග්‍රහකත්වය දැක්වූහ.

පාසල් උපකරණ සහ ඇඳුම් පැළදුම් අඩංගු ත්‍යාග පාර්සල් කඹුරුපිටිය ප්‍රදේශයේ තෝරාගත් අඩු ආදායම්ලාභි පවුල්වල දරු දැරියන් 60 දෙනෙකු අතර බෙදාදුන්හ.

61 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ධම්මි හේවගේ ලබාදුන් උපදෙස් මත ක්‍රියාවට නැංවු මෙම ප්‍රජා සත්කාරක ව්‍යාපෘතිය 613 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් උපුල් කොඩිතුවක්කු ගේ අධීක්‍ෂණය යටතේ මෙම වැඩසටහන සංවිධානය කරන ලදී. jordan Sneakers | Women's Nike Air Max 270 React trainers - Latest Releases , youth boys nike sunray sandals clearance outlet