Header

Sri Lanka Army

Defender of the Nation

13th April 2021 06:45:22 Hours

පාබල පුහුණු මධ්‍යස්ථානයේ පැවැති අලුත් අවුරුදු උත්සවයට නැගෙනහිර භටපිරිස් එක්වේ

නැගෙනහිර ආරක්‍ෂක සේනා මුලස්ථානය සහ නැගෙනහිර ඉදිරි නඩත්තු පෙදෙස, ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සමඟ එක්ව මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේදී වාර්ෂික ‘සුර්ය මංගල්‍ය’ අලුත් අවුරුදු උත්සවය සංවිධානය කරන ලදී.

පසුගිය අඟහරුවාදා (13) දින සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට මුල්තැනක් දෙමින් පවත්වන ලද මෙම අලුත් අවුරුදු උත්සවයට සම්ප්‍රදායික ක්‍රීඩා ඉසව් ගණනාවක් අතුලත් විය.

පොල්අතු විවීම, බනිස් කෑම, සිගිති අවුරුදු කුමරිය හා අවුරුදු කුමරා තේරීම, අලියට ඇස තැබීම, විකට ඇදුම් තරඟය ඇතුළු තවත් ජන ක්‍රීඩා රැසකින් අලංකාරවත් වූ අලුත් අවුරුදු උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් චන්න වීරසුරිය සහභාගි වූයේය.

පාබල පුහුණු මධ්‍යස්ථාන ක්‍රීඩාපිටිය පුරාණ ගම්මානයක ආකාරයට අලංකාරවත් ලෙස සකස් කර තිබිණි. නැගෙනහිර ආරක්‍ෂක සේනා මුලස්ථාන බලප්‍රදේශයේ සේවය කරන භටපිරිස් අලුත් අවුරුදු උත්සවයට එක්වූහ.

අලුත් අවුරුදු උත්සවයේ ජයග්‍රාහකයින් වෙත ත්‍යාග ප්‍රදානය කිරීමේ අවස්ථාවට නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් චන්න වීරසුරිය, නැගෙනහිර ඉදිරි නඩත්තු පෙදෙසේ ආඥාපති බ්‍රිගේඩියර් මහේෂ් අබේරත්න ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු සහභාගි වූහ. Adidas shoes | Air Max