Header

Sri Lanka Army

Defender of the Nation

13th April 2021 05:45:22 Hours

211 වන බලසේනාවේ මුලිකත්වයෙන් වියලි සලාක පාර්සල් 500 ක් බෙදාදෙති

සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවයට සමගාමීව මැදවච්චිය හිරලුගම සහ ඇතාකඩ ග්‍රාම නිලධාරී කොට්ඨාසවල තෝරාගත් අඩු ආදායම්ලාභි පවුල් අතර පසුගිය ඉරිදා (11) දින වියළි සලාක පාර්සල් 500 ක් බෙදාදෙන ලදී.

වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර ගේ උපදෙස් මත 21 වන සේනාංකායේ සේනාංකාධිපති මේජර් ජෙනරල් විකුම් ලියනගේ ගේ මඟපෙන්වීම යටතේ ක්‍රියාවට නැංවූ මෙම ව්‍යාපෘතිය සඳහා වටවල තේ සන්නාමයේ ප්‍රමුඛ පෙළේ අලෙවිකරුවෙකු වන සන්ෂයින් කන්සියුමර්ස් ලංකා පුද්ගලික සමගාම (Sunshine Consumers Lanka Limited) විසින් අනුග්‍රාහකත්වය දක්වන ලදී.

211 බලසේනාවේ බලසේනාධිපතිගේ අධීක්‍ෂණය යටතේ එම බලසේනා මුලස්ථානයේදී අධියර දෙකක් යටතේ මෙම වියළි සලාක පාර්සල් බෙදාදීම සිදුවිය.

පළමු අධියර යටතේ හිරලුගම ප්‍රදේශයේ පවුල් 11 ක් වෙත වියළි සලාක පාර්සල් බෙදාදුන් අතර තවත් පාර්සල් 324 ක් හිරලුගම සුනන්දරාම විහාරස්ථානයේදී බෙදාදෙන ලදී.

දෙවන අධියර යටතේ වියළි සලාක පාර්සල් ඇතාකඩ, ගලේගම ගම්මානයේ තෝරාගත් අඩු ආදායම්ලාභි පවුල් අතර ඇතාකඩ මහා විද්‍යාලයේදී පිරිනමන ලදී.

මෙම අවස්ථාවට 211 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එම්.සී.එස්.කේ. සෙනරත්, වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු සිවිල් සම්බන්ධිකරණ නිලධාරීන්, සන්ෂයින් කන්සියුමර්ස් ලංකා පුද්ගලික සමගමේ (Sunshine Consumers Lanka Limited) නිලධාරීන් සහ රාජ්‍ය නිලධාරීන් කිහිපදෙනෙකු සහභාගි වූහ. bridgemedia | Autres