Header

Sri Lanka Army

Defender of the Nation

12th April 2021 21:27:54 Hours

යුද්ධ හමුදා සාමාජිකයින්ගේ තොරතුරු තාක්‍ෂණ දැනුම වැඩිදියුණු කිරීමේ පාඨමාලාවක්

යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලැබීමට නියමිත යුද්ධ හමුදා සාමාජිකයින්ගේ තොරතුරු තාක්‍ෂණ දැනුම වැඩිදියුණු කිරීමේ අරමුණින් ප්‍රධාන සංඥා නිලධාරී කාර්යාලය සහ රණවිරු තොරතුරු තාක්‍ෂණ පුහුණු ආයතනය ඒකාබද්ධව ජාතික වෘත්තිය නිපුණතා 3 වන මට්ටමේ පාඨමාලාවක් පවත්වනු ලබයි.

ඒ අනුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විවිධ රෙජිමේන්තු නියෝජනය කරමින් යුද්ධ හමුදා සාමාජිකයින් 28 දෙනෙකු මෙම තොරතුරු තාක්‍ෂණ පාඨමාලාවට සහභාගි වූහ. මෙම පාඨමාලාව සාර්ථක හැදෑරු යුද්ධ හමුදා සාමාජිකයින් වෙත නිපුණතා සහතික පත් බෙදාදීමේ උත්සවය පනාගොඩ රණවිරු තොරතුරු තාක්‍ෂණ පුහුණු ආයතනයේදී පැවැත්විය. එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ප්‍රධාන සංඥා නිලධාරී මේජර් ජෙනරල් අශෝක පීරිස් සහභාගි විය. එහිදී, භටපිරිස් ඇමතූ එතුමන් වෘත්තිය ප්‍රගමනය උදෙසා තොරතුරු තාක්‍ෂණය ඉගෙනීමේ වැදගත්කම අවධාරණය කළේය.

මෙම අවස්ථාවට රණවිරු තොරතුරු තාක්‍ෂණ පුහුණු ආයතනයේ අධ්‍යයන අධ්‍යක්‍ෂ ලුතිනන් කර්නල් ආර්.සී. විජේකෝන් සහ 11 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් එස්.ඩි. කොතලාවල සහභාගි වූහ. jordan release date | Ανδρικά Nike