Header

Sri Lanka Army

Defender of the Nation

13th April 2021 05:00:22 Hours

මාධ්‍ය නාලිකාවක සහයෝගය ඇතිව 20 වන ගජබා රෙජිමේන්තු භටපිරිස් නව නිවසක් ඉදිකරයි

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයට අයත් 62 වන පාබල සේනාංකය යටතේ ස්ථාපිත 20 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස්, MTV/MBC ‘සිරස’ මාධ්‍ය ජාලය විසින් දියත් කරනු ලබන ‘සිරස නිවස’ ප්‍රජා සත්කාරක ව්‍යාපෘතිය සමඟ අත්වැල් බැඳගනිමින් පූල්මුඩේ, මහසෙන්පුර 9 කණුව ප්‍රදේශයේ වෙසෙන අඩු ආදායම්ලාභි පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකරන ලදී.

මෙම ව්‍යාපෘතිය සඳහා අවැසි තාක්‍ෂණික දැනුම සහ ශ්‍රම දායකත්වය 62 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් උපාලි ගුණසේකර ගේ උපදෙස් මත 62 වන සේනාංකයේ භටපිරිස් විසින් ලබාදුන් අතර ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය මුල්‍යමය දායකත්වය දුෂ්කර ප්‍රදේශවල අඩු ආදායම්ලාභි පවුල් සඳහා නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘති දියත් කරනු ලබන ‘සිරස නිවස’ ව්‍යාපෘතිය ඔස්සේ ලබාදී ඇත.

මෙලෙස ඉදිකරනු ලැබු නව නිවස විවෘත කිරීමේ උත්සවය පසුගිය සිකුරාදා (09) දින පැවැති අතර එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 62 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් උපාලි ගුණසේකර සහභාගී වූයේය. එමෙන්ම, 621 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කීර්ති පැරකුම්, MTV සහ MBC මාධ්‍යජාලයේ ප්‍රධානි මෙන්ම මහජන සම්බන්ධතා අධ්‍යක්‍ෂ ප්‍රියන්ත විජේසිංහ මහතා, සිරස ගුවන් විදුලි නාලිකා ප්‍රධානි සජිත් රත්නායක මහතා ඇතුළු ‘සිරස නිවස’ ව්‍යාපෘතිය නියෝජනය කරමින් නිලධාරින් කිහිපදෙනෙකු ද සහභාගි වූහ.

නොයෙකුත් බාධක හමුවේ ජීවත් වන නයනමාලී දිල්හාරා මහත්මිය පිළිබඳ අවධානය යොමුකල අනුග්‍රාහකභවතුන් අවම පිරිවැයකින් නව නිවස ඉදිකරගැනීම සඳහා අවශ්‍ය ශ්‍රමදායකත්වය යුද්ධ හමුදාධිපතිතුමන්ගෙන් ඉල්ලුම් කර ඇත.

පුරාණ සම්ප්‍රදායන්ට අනුකූලව පැවති මෙම උත්සවයේදී ප්‍රධාන ආරාධිත අමුත්තා සහ අනුග්‍රාහකභවතුන් එක්ව සුභ මොහොතින් සමරු ඵලකය නිරාවරණය කර නව නිවස විවෘත කරන ලදී. ඉන් අනතුරුව පොල් තෙල් පහන දල්වා, කිරි උතුරා චාරිත්‍ර වාරිත්‍ර ඉටු කිරීමෙන් පසුව නිවාසලාභීන් වෙත නව නිවසේ යතුරු භාරදුන්හ. Nike Sneakers Store | Nike - Shoes & Sportswear Clothing