Header

Sri Lanka Army

Defender of the Nation

13th April 2021 04:30:22 Hours

පාබල පුහුණු මධ්‍යස්ථානයේදී ආධුනික සෙබලුන් 239 දෙනෙකු විසිරයති

මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේදී පුහුණුව ලැබු ආධුනික සෙබලුන් 239 දෙනෙකුගේ විසිරයාමේ පෙළපාලිය සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට මුල්තැනක් දෙමින් පසුගිය සෙනසුරාදා (10) දින එම පුහුණු මධ්‍යස්ථාන පරිශ්‍රයේදී පවත්වන ලදී.

පුහුණුව ලැබු ආධුනික සෙබලුන්ගේ දෙමාපියන් සහ ඥාතී හිතමිත්‍රාදීන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැති මෙම විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා පුහුණු අණසක ආඥාපති මේජර් ජෙනරල් සේන වඩුගේ සහභාගි විය.

පාබල පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායකගේ උපදෙස් හා මඟපෙන්වීම මත පුරා මාස 4 කට අධික කාලයක් පුහුණුව හැදෑරු නව ආධුනික සෙබලුන් විසින් මෙම අවස්ථාවට සපැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තා හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාර පිරිනමා ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

පාඨමාලාවේ දක්‍ෂතම වෙඩික්කරුට හිමි සම්මානය ආධුනික සෙබල එච්.පී.වී. දිශාන් විසින් හිමිකරගත් අතර පාඨමාලාවේ සෑම අතින්ම අතිශූර සෙබලාට හිමි සම්මාන ජේ.එම්.ඒ. තරංග විසින් හිමිකරගත්හ. පාඨමාලාවේ හොඳම ශාරීරික යෝග්‍යතාවය හෙබි සිසුවාට හිමි සම්මානය ආධුනික සෙබල ඩි.එම්.කේ. චානුක විසින් හිමිකරගත්හ. එම සම්මාන ප්‍රධාන ආරාධිත අමුත්තාගේ සුරතින් මෙහිදි පිරිනැමීය.

මෙම අවස්ථාවට පාබල පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක බ්‍රිගේඩියර් පී.එස්.කේ. සංජිව ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසුනිලයින් මෙන්ම විසිරයන ආධුනික සෙබලුන්ගේ දෙමාපියන් හා ඥාතී හිතමිත්‍රාදීන් සහභාගි වූහ. Best Nike Sneakers | Nike Off-White