Header

Sri Lanka Army

Defender of the Nation

12th April 2021 21:35:10 Hours

ශ්‍රී ලංකා පාබල හමුදාවේ නිවාස ව්‍යාපෘතිය යටතේ තවත් විරෝදාර රණවිරුවෙකුට හිසට සෙවණක්

ශ්‍රී ලංකා පාබල හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබන නිවාස ව්‍යාපෘතියට සමගාමීව 2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ අධීක්‍ෂණය යටතේ ඉදිකරන ලද නව නිවස මාතෘභූමියට සාමය උදාකරලීමේ අරමුණින් අප්‍රතිහත කැපකිරීමක් සිදුකල ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කෝප්‍රල්වරයෙකු වෙත ඉකුත් බ්‍රහස්පතින්දා (06) දින භාරදෙන ලදී.

මුල්ලේරියාව ප්‍රදේශයේ මෙම අංගසම්පූර්ණ නිවස ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 1.3 ක මුදලක් ඇස්තමේන්තු කර ඇති අතර එම මුදලින් අඩක් පමණ වැය කර මෙම නිවස ඉදිකිරීම සඳහා රණවිරු සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලය සහ 2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් එක්ව සහයෝගයෙන් කටයුතු කරන ලදී.

මෙම නිවාස ව්‍යාපෘතියේ මුලිකත්වය ගෙන කටයුතු කරන ශ්‍රී ලංකා පාබල හමදුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් වසන්ත ආබෲ, රට වෙනුවෙන් දිවිපිදු සහ රණක්‍ෂිතයට පත් විරෝදාර රණවිරුවන්ගේ පවුල්වල යහපත උදෙසා ඉදිකිරීමට යෝජිත නිවාස 20 න් තවත් එක් නිවසක ඉදිකිරීම් කටයුතු කඩිනම් කරන ලෙස ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් වෙත උපදෙස් ලබාදුන්හ.

මහා සංඝරත්නයේ ආශීර්වාද මධ්‍යයේ රණවිරු සේවා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් චන්දන රණවිර විසින් නව නිවසේ යතුර නිවාසලාභියා වෙත භාරදෙන ලදී.

මෙම අවස්ථාවට රෙජිමේන්තු කමිටු සාමාජිකයින්, අනෙකුත් නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් සහභාගි වූහ. affiliate link trace | Nike for Men