Header

Sri Lanka Army

Defender of the Nation

12th April 2021 21:48:22 Hours

දෘශ්‍යාබාධිත සහ ශ්‍රවණාබාධිත උපාධි අපේක්‍ෂකයින්ට සහ රාජ්‍ය නිලධාරීන්ට සංඥා භාෂා පාඨමාලාවක්

යාපනය ආර්ධද්වීපයේ ජිවත්වන සිවිල් වැසියන් අතර සන්හිඳියාව හා සුහදත්වය තවදුරටත් ප්‍රවර්ධනය කරමින්, දෘශ්‍යාබාධිත සහ ශ්‍රවණාබාධිත යාපනය විශ්ව විද්‍යාලයේ උපාධි අපේක්‍ෂකයින් සහ රාජ්‍ය නිලධාරීන් 21 දෙනෙකුට සංඥා භාෂාව ඉගැන්වීම සඳහා මාස 06 කට ආසන්න පාඨමාලාවක් පවත්වන ලදී. මෙම පාඨමාලාව යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා ගේ සංකල්පයකට අනුව එම ආරක්‍ෂක සේනා මුලස්ථානයේ මුලිකත්වයෙන් පවත්වන ලදී.

රාජ්‍ය නොවන සංවිධානයක් වන කන්කසතුරෙයි සහයෝගීතා මධ්‍යස්ථානයේ 'විදු', දෘශ්‍යාබාධිත සහ ශ්‍රවණාබාධිතයින් සඳහා වූ වඩමාරච්චි සංගමයේ සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ඒකාබද්ධව සංවිධානය කරන ලද මෙම විශේෂ පාඨමාලාව කන්කසන්තුරෙයි සහයෝගීතා මධ්‍යස්ථානය, සහ සිත්තන්කර්නි සහයෝගීතා මධ්‍යස්ථානය සහ මීට මාස කිහිපයකට පෙර යාපනය ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන්ගේ මුලිකත්වයෙන් එම ආරක්‍ෂක සේනා මුලස්ථානය විසින් පිහිටුවන ලද කොපායි සහයෝගීතා මධ්‍යස්ථානයේදී පුරා මාස හයකට ආසන්න කාලයක් පවත්වන ලදී.

සිවිල්-හමුදා සුභසාධන ව්‍යාපෘතිවල ක්‍රියාකාරීව නියැලී සිටින කන්කසෙන්තුරෙයි, සිත්තන්කර්නි සහ කොපායි සහයෝගීතා මධ්‍යස්ථාන, දෘශ්‍යාබාධිත හා ශ්‍රවණාබාධිත උපාධි අපේක්ෂකයින් සහ රාජ්‍ය නිලධාරීන් පුහුණු කිරීම සඳහා අදාළ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ඇතුළු බාහිර සම්පත්දායකයින්ගේ සහාය ඇතිව කටයුුතු කරනු ලබයි.

පාඨමාලාවේ සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවය ඉකුත් බ්‍රහස්පතින්දා (08) දින යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් ‘තල් සෙවණ’ නිවාඩු නිකේතනයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට සිවිල් සම්බන්ධිකරණ නිලධාරීන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු සහභාගි වූහ. jordan Sneakers | Nike Shoes