Header

Sri Lanka Army

Defender of the Nation

13th April 2021 13:43:24 Hours

යාපනයේ පදිංචි විශ්‍රාමික හමුදා සාමාජිකයින්ට යුද්ධ හමුදාධිපතිතුමන් අලුත් අවුරුදු තිළිණ පරිත්‍යාග කරයි

යාපනය අර්ධද්වීපයේ සංචාරයක නිරත ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සිය දෛනික රාජකාරි වලින් මිදී පසුගිය සඳුදා (12) දින ත්‍රිවිධ හමුදා විශ්‍රාමිකයන් පිරිසක් මුණගැසී ඔවුන්ට සිංහල හා දමිළ අලුත් අවුරුදු උදාව නිමිත්තෙන් ත්‍යාග ප්‍රදානය කළේය. එමෙන්ම, සේවයේ නියුතු හමුදා සාමාජිකයින් හමුවී ජාතික ආරක්‍ෂාව සහ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීම පිළිබඳව අදහස් හුවමාරු කරගැනීම ද මෙහිදී සිදුකෙරිණි.

හමුදා විශ්‍රාමිකයින්ගේ සංගමය නියෝජනය කරමින් 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේදී යුද්ධ හමුදාධිපතිතුමන් හමු වී පසුගිය වර්ෂයේ සිදුකරන ලද ක්‍රියාකාරකම් පිළිබඳව එතුමන් සමඟ සමාලෝචන සාකච්ඡාවක නිරත වූ අතර ඔවුන් වෙනුවෙන් සිංහල හා දමිළ අලුත් අවුරුදු ත්‍යාග සහ සමරු තිළිණ ප්‍රදානය කිරීමට ද යුද්ධ හමුදාධිපතිතුමන් අමතක නොකළේය. ඉන් අනතුරුව, සැබෑ නායකත්ව ගුණාංග පෙන්වමින් අතීතාවර්ජනයක යෙදුණු යුද්ධ හමුදාධිපතිතුමන් ඔවුන්ගේ සුභසාධන කටයුතු පිළිබඳව සාකච්ඡා කළ අතර සුහද පිළිසඳරකට එක්වීමෙන් අනතුරුව ඔවුන්ගේ ඉල්ලීම පරිදි සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය.

මෙම අවස්ථාව සඳහා යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා, යාපනය අර්ධද්වීපයේ සේවයේ නියුතු ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සෙසු නිලයින් ද සහභාගී වූහ. Buy Sneakers | Men’s shoes