Header

Sri Lanka Army

Defender of the Nation

06th April 2021 21:08:15 Hours

ගත වූ පැය 24 තුළ වෛරසය ආසාදනය වී පුද්ගලයින් තිදෙනෙකු මියගිය බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි

අද (08) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 221 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 31 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් ලෙස වාර්තා වේ. ඉතිරි පුද්ගලයින් 190 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින් ලෙස වාර්තා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, ඒ ආසාදිතයින් 54 ක් ලෙසය. ඊට අමතරව, යාපනය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 46 ක් සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 29 ක් ලෙස වාර්තා වේ. අනෙක් ආසාදිතයින් 61 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වේ.

අද (08) දින උදෑසන වනවිට, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරට සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපලට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ් - 19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 89,535 ක් වේ. ඉන් පුද්ගලයින් 89,517 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත. මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරෙන් හමුවූ ආසාදිතයන් සියලුදෙනා මේවන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.

අද (08) දින උදෑසන වනවිට, ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 93,992 ක් වන අතර ඉන් පුද්ගලයින් 90,916 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත. අද (08) දින උදෑසන වනවිට, රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ආසාදිතයින් 2,485 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබති.

අද (08) දින උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 209 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

අද (08) දින උදෑසන වනවිට (පසුගිය පැය 24 තුළ) ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් 03 දෙනෙකු මියගොස් ඇත. ඔවුන් හෙට්ටිපොල, හෝමාගම සහ තනමල්විල යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් ලෙස වාර්තා වේ. ඒ අනුව, අද (08) දින උදෑසන වනවිට ‍ශ්‍රී ලංකාව තුළින් කොවිඩ් - 19 ආසාදිත සම්පුර්ණ මරණ සංඛ්‍යාව 591 ක් දක්වා ඉහළ ගොස් ඇත.

අද (08) දිනයේදී ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 102 ක් තුළ පුද්ගලයින් 10,547 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටිති.

ඊයේ (07) දිනය තුල PCR පරික්‍ෂණ 6,591 ක් සිදුකර ඇත. Nike sneakers | Nike KD 14 Colorways, Release Dates, Price , Iicf